Logo

ලංකාව සම්බන්ද විමර්ශනට සිල්වියා කාර්ට්රයිට් පත් කෙරේ

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුවීයයි කියනු ලබන යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝණයවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය යටතේ පත්කිරීමට නියමිත ජාත්‍යන්තර විමර්ශන කමිටුවට සිල්වියා කාර්ට්රයිට් ආර්යාව පත් වී ඇත.

කාම්බෝජියාවේ ක්රූමර් රූග් යුද අපරාධ අධිකරණයේ විනිසුරුවරියක ලෙස කටයුතු කළ සිල්වියාට අමතරව සුඩානය නියෝජනය කරමින් තවත් අයෙකු පත් කරන බව සඳහන් වේ.පසුගිය මාර්තු මාසයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකළ යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්වූ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතවීමෙන් පසු ඊට අදාළව මෙම කමිටුව පත් කෙරුණි.

දෙදෙනෙකුගෙන් යුතු මෙම එක්සත් ජාතීන්ගේ කමිටුව ශ්‍රී ලංකාවට නොපැමිණ රටින් පිට සිට පරීක්ෂණ කටයුතු මෙහෙයවීම හා වාර්තාව ප්‍රකාශයට පත්කරනු ඇති බවත් ඉන්දීය පුවත් සේවා අනාවරණය කරයි.2011 වසරේදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් පත්කරන ලද දරුස්මාන් කමිටුවද පරීක්ෂණ සිදුකරනු ලැබුවේ මෙලෙස රටින් පිට සිට බැව් එකී පුවත් සේවා සදහන් කරයි. මෙම කමිටුව විසින් මාස 10 ක කාලයක් තුළ ශ්‍රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝණයවීම් පිළිබඳ පරීක්ෂණ සිදුකොට අවසන් කරන බව සඳහන් වේ .

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 13278200
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 13176274
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 10621882
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 10521576
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 10341108
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'