Logo
2019 ඔක්තෝම්බර් මස 22 වැනි අඟහරුවාදා

ඔයා ලංකාවෙ වාහන පදිනව නම් මේවා පිලිපදින්න...



මාස තුනක දීර්ඝ සංචාරයක් සඳහා දිවයිනට පැමිණි සංචාරකයාට අවශ්‍ය වූයේ කුලියට ලබා ගන්නා වාහනයක තමාම පදවමින් දවයින පුරා ස්ථාන නැරඹීමට යාමටය. ඔහුට වාහනය ලබා දුන් ආයතනයේ මාර්ගෝපදේශකයා සංචාරකයා හට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් මෙසේ කීවේය.

“මෙහේ ත්‍රීවීල් කාරයෝ එහෙන් මෙහෙන් වෙට්ටු දාල තමයි පාරේ යන්නෙ. ඒ ගොල්ලන්ට ඉස්සර වෙන්ඩ ඉඩදීලා වාහනේ පදවන එක ඇඟට ගුණයි. ඒ වගේම ප්‍රයිවෙට් බස්කාරයෝ කඟ වේනා වගෙ එනවා දැක්කම වාහනේ පුළුවන් තරං අයින් කර ගන්න එක තමයි හොඳ... එතකොට කන්ටේනර් කාරයෙක් පස්සෙන් වේගයෙන් එනවා නං වාහනේ පේව්මන්ට් එකට හරි අරන් ඉඩ දෙන්ඩ ඕනෙ. වැද ගත්ම දේ නළා පිඹගෙන, කඩා බිඳ ගෙන ඇමැති කෙනෙක් එනවා නං වාහනේ වහාම නවත්තලා ළඟම තියෙන ගහකට නැග ගන්න එක ඉක්මනටම කරන්ඩ ඕනෙ.”






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'