Logo

ජනිපෙ යෝජනාවලියට ශ්‍රීලනිපයෙන් ඒකගතාවය

ඊයේ(16) පස්වරුවේ දෙපාර්ශවය අතර පැවති සාකච්ඡවේදී ජාතික නිදහස් පෙරමුණ විසින් ජනාධිපතිතුමන් වෙත පිළිගන්වන ලද හදිසි ප‍්‍රතිසංස්කරණ යෝජනාවලියට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රතිපත්තිමය එකඟතාව පළ කළ බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා පවසා සිටී.
කරුණු 12කින් සමන්විත මෙම යෝජනාවලිය සම්බන්ධයෙන් ශ‍්‍රීලනිප නායකත්වය සාධනීය අදහස් පළ කළ අතර ඒ පිළිබද ක‍්‍රීයාකාරී සැළැස්මක් සැකස් කොට ඒ පිළිබද නුදුරේදීම ජනාධිපතිතුමන් සමග සාකච්ඡ කරන බවත් මොහොමඞ් මුසම්මිල් මහතා පවසා සිටී. මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමන්ගේ සෘජු ප‍්‍රතිචාරය බලාපොරොත්තු වන බව ඒතුමන් මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කර සිටී
. මේ සදහා,
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි ප‍්‍රධාන ලේකම් මෛත‍්‍රීපාල සිරිසේන, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, නිමල් සිරිපාලද සිල්වා, භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම, සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත යන අමාත්‍යවරු සහභාගී වු අතර, ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් එහි නායක අමාත්‍ය විමල් වීරවංශ, ප‍්‍රධාන ලේකම් පි‍්‍රයන්ජිත් විතාරණ, නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, හිටපු අමාත්‍ය පියසිරි විජේනායක, මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් යන දේශපාලන මණ්ඩල සභිකවරු එක් වුහ.
මෙම සාකච්ඡවටය පැය තුනකට අධික කාලයක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවතිනි.

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 182117
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 185080
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 186342
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 226379

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 339426
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15172648
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15030222
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12514146
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12461069
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12307369
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'