සංචාරක ව්‍යාපාරය නැංවීම සඳහා ගෙන එනු ලැබූ ලිහිල් වීසා ප‍්‍රතිපත්තිය අද වන විට ඇතැම් පිරිස් ඉතාම බරපතල අපරාධ සඳහා යොදා ගනිමින් සිටිනවා. එසේම මේ සංචාරක වීසා ක‍්‍රමය හරහා රටට ඇතුළු වන පිරිස් රට තුළ කරගෙන යන ව්‍යාපාර, ජාවාරම්, රටට මත්කුඩු ගෙන ඒම, රට තුළ ආගමික අන්තවාදය ව්‍යාප්ත කිරීම, ආගමික විකෘති කි‍්‍රයාවලියන් පවත්වාගෙන යාම පිළිබඳව වහාම කටයුතු කරන්න. ඉන්දීයාවේ ඕනෑම පුරවැසියෙකුට ලංකාවට එන්න පුළුවන් ඔන්ලයින් වීසා නිසා. ගුවන් තොටුපොළට ආවම වීසා එක ලබාදෙනවා. පකිස්ථානයේ අයට, බංග්ලාදේශයේ අයට, මාලදිවයිනේ අයට මේ රටට එන්න කිසිදු බාධාවක් අද නැහැ. මේ එන අය ඇවිත් මොකද කරන්නේ? මේ රටට මේ සංචාරක ව්‍යාපාරයට ඇවිත් මේ කටයුතු කරගෙන යන්නේ. නැහැ. සමහරු ආර්ථික සරණාගතයෝ. එම වීසා ක‍්‍රම මේ සාක් රටවල් සඳහා පැහැදිළි ප‍්‍රතිපත්තියකට එනතුරු අත්හිටුවන්න කියලා අපි ඉල්ලා සිටිනවා." "/> සංචාරක ව්‍යාපාරය නැංවීම සඳහා ගෙන එනු ලැබූ ලිහිල් වීසා ප‍්‍රතිපත්තිය අද වන විට ඇතැම් පිරිස් ඉතාම බරපතල අපරාධ සඳහා යොදා ගනිමින් සිටිනවා. එසේම මේ සංචාරක වීසා ක‍්‍රමය හරහා රටට ඇතුළු වන පිරිස් රට තුළ කරගෙන යන ව්‍යාපාර, ජාවාරම්, රටට මත්කුඩු ගෙන ඒම, රට තුළ ආගමික අන්තවාදය ව්‍යාප්ත කිරීම, ආගමික විකෘති කි‍්‍රයාවලියන් පවත්වාගෙන යාම පිළිබඳව වහාම කටයුතු කරන්න. ඉන්දීයාවේ ඕනෑම පුරවැසියෙකුට ලංකාවට එන්න පුළුවන් ඔන්ලයින් වීසා නිසා. ගුවන් තොටුපොළට ආවම වීසා එක ලබාදෙනවා. පකිස්ථානයේ අයට, බංග්ලාදේශයේ අයට, මාලදිවයිනේ අයට මේ රටට එන්න කිසිදු බාධාවක් අද නැහැ. මේ එන අය ඇවිත් මොකද කරන්නේ? මේ රටට මේ සංචාරක ව්‍යාපාරයට ඇවිත් මේ කටයුතු කරගෙන යන්නේ. නැහැ. සමහරු ආර්ථික සරණාගතයෝ. එම වීසා ක‍්‍රම මේ සාක් රටවල් සඳහා පැහැදිළි ප‍්‍රතිපත්තියකට එනතුරු අත්හිටුවන්න කියලා අපි ඉල්ලා සිටිනවා." "> සරණාගතයන් අපට එපා, හෙළ උරුමය කියයි
Logo

සරණාගතයන් අපට එපා, හෙළ උරුමය කියයි

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම සමග පවතින ගිවිසුම වහාම අවලංගු ලෙස ජාතික හෙළ උරුමය රජයෙන් ඉල්ලා සිටී.
ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්‍ෂයේ මහලේකම් පාඨලි චම්පික රණවක අමාත්‍යවරයා මෙම අදහස් පළ සිටියහ. ඔහු කියා සිටිෙය් මෙරට රැඳි සිටින පාකිස්ථාන සහ සෙසු රටවල සරණාගතයන් වහාම සිය රට යැවීමට කටයුතු කළ යුතු බවත් වෙනත් රටවල සරණාගතයින් භාරගැනීමට තරම් ආර්ථික ශක්තියක් හෝ වෙනත් පහසුකම් ශ‍්‍රී ලංකාව සතුව නොමැති බවත් මෙරට ක‍්‍රියාත්මක ලිහිල් වීසා ප‍්‍රතිපත්තිය හේතුවෙන් රටට ඇතුළු වන ඇතැම් විදේශිකයන් විවිධ අකටයුතුකම්වලට සම්බන්ධ වන බවත්ය.
ඒ පිළිබද වැඩි දුරටත් අදහස් දැක් වු ඒ මහතා,
"අපි වහාම රජයෙන් ඉල්ලා සිටින එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමත් සමග තියෙන ගිවිසුම වහාම අවලංගු කරන්න. ලංකාව තුළ සිටින පකිස්ථානු අනාථයින් වහාම තමන්ගේ මව් රටට යැවීමට කටයුතු කරන්න. එසේම අපි කතෝලික රදගුරු මණ්ඩලයෙනුත් ඉස්ලාමීය මවුලවිවරුන්ගෙනුත් අපි දැඩිව ඉල්ලා සිටිනවා තමන්ගේ පල්ලිවල දැනට නීති විරෝධීව රැකවරණය ලබාදී සිටින පකිස්ථානු ජාතිකයන් වහාම රජයට භාරදෙන්න කියලා. අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේක අනාථාගාරයක් නෙවෙයි. වහාම මේ රටට සංචාරක වීසා මගින් ඇතුළු වී සිටින අනාථයින් බවට ප‍්‍රකාශ කරන පිරිස් වහාම තමන්ගේ රටවල්වලට යහතින් යවන්න කියලා අපි ඉල්ලා සිටිනවා. එම අනාථයෝ භාරගන්න ඉන්න පොරොන්දු වෙලා ඉන්න රටක් නෙවෙයි. එහෙම අපිට ආර්ථික හැකියාවකුත් නැහැ. සමාජමය හැකියාවකුත් නැහැ. දැනටමත් ලෝකේ 33 වන තැන ජනගණත්වය අනුව අපේ රට තියෙන්නේ. මේ අනාථයන්ගෙන් සියයට 99ක්ම ඇවිත් තියෙන්නේ බස්නාහිර පළාතට. එය බස්නාහිර පළාතේ ජන සංයුතියේ වෙනසක් ඇති කිරීමට තරම් බලපෑමක් එල්ල කිරීමට හැකියාවක් තියෙනවා. උදාහරණයක් විදිහට මාල දිවයිනේ ජනගහනය ලක්ෂ තුන හමාරයි. නමුත් ලංකාවට වර්ෂයකට එන ජනගහණය හැට දහසක් වෙනවා. ඒ කියන්නේ ජනගහනයෙන් සියයට 15ක් 20ක් ලංකාවට එනවා. ඉතින් ඒක බරපතල ගැටලූවක්.
සංචාරක ව්‍යාපාරය නැංවීම සඳහා ගෙන එනු ලැබූ ලිහිල් වීසා ප‍්‍රතිපත්තිය අද වන විට ඇතැම් පිරිස් ඉතාම බරපතල අපරාධ සඳහා යොදා ගනිමින් සිටිනවා. එසේම මේ සංචාරක වීසා ක‍්‍රමය හරහා රටට ඇතුළු වන පිරිස් රට තුළ කරගෙන යන ව්‍යාපාර, ජාවාරම්, රටට මත්කුඩු ගෙන ඒම, රට තුළ ආගමික අන්තවාදය ව්‍යාප්ත කිරීම, ආගමික විකෘති කි‍්‍රයාවලියන් පවත්වාගෙන යාම පිළිබඳව වහාම කටයුතු කරන්න. ඉන්දීයාවේ ඕනෑම පුරවැසියෙකුට ලංකාවට එන්න පුළුවන් ඔන්ලයින් වීසා නිසා. ගුවන් තොටුපොළට ආවම වීසා එක ලබාදෙනවා. පකිස්ථානයේ අයට, බංග්ලාදේශයේ අයට, මාලදිවයිනේ අයට මේ රටට එන්න කිසිදු බාධාවක් අද නැහැ. මේ එන අය ඇවිත් මොකද කරන්නේ? මේ රටට මේ සංචාරක ව්‍යාපාරයට ඇවිත් මේ කටයුතු කරගෙන යන්නේ. නැහැ. සමහරු ආර්ථික සරණාගතයෝ. එම වීසා ක‍්‍රම මේ සාක් රටවල් සඳහා පැහැදිළි ප‍්‍රතිපත්තියකට එනතුරු අත්හිටුවන්න කියලා අපි ඉල්ලා සිටිනවා."

දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 1139
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 15274
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 265195
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 301032
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 559042
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15957098
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15836292
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13287704
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13232755
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13088859
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'