Logo
2019 දෙසැම්බර් මස 7 වැනි සෙනසුරාදා

සොඳුරු ප්‍රේමය - කපිල නව­රත්න -



මම පෙර මඟ නෙත් දල්වා
බලා සිටිමි...
අඳුර වෙලා­ගත් සිතට - ඔබ
පහන් එළි­යක් වේද සිතා
කල්ප­යක් ගෙවුණා
තත්පර කල්ප­යක් ගෙවුණා

ඔබ නොදැක
දුක්බර අඳුරු තත්පර
කල්ප­යක් ගෙවුණා
අධික අවු­රුදු කල්ප දහ­සක්
වගේ මට දැනුණා

නයන නිලු­පුල් කොපුල නාමල
පිච්ච සුව­ඳැති මගේ සොඳු­රිය
කල්ප­යක් මා නෙතින් නික්මේ
නොදැක ඉන්නට වේද අප හට

පැතු­මුත් ගිජිදු උම­ගන
සේ හිඳි­න්නට අපේ ලෝකේ
සියලු දුක් අද හිතින් උහු­ලන
“සොඳුරු ප්‍රේමය” - මං ඔයාගේ...!






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'