Logo
2019 අගොස්තු මස 22 වැනි බ්‍රහස්පතින්දා

යෙහෙළියකට - ප්‍රදීප් සාරංග කුමාර -



පෙර මා පෙම් කළ මුත් මට නො ලැබුණ

වෙනෙකකු හා බැඳී ගිය

තැනැත්තියක ගැන

විරහ කව් ගී ලියා

නුඹට පෙන්වීම

අදින් මම නවතමි......

 

එකල තනිකඩ නුඹ

මා ලියන කවි කියවා

විරහව කොතරම් වේදනාකාරී දැයි

මා සමඟ දුක් වුණු වේලේ

කරුණාබරිතව සෝකාකූල වූ

මුහුණ,

ඇගෙ මුහුණ මෙන් දකිමින්

සතුටු වූයෙමි.....

 

අද නුඹ පැමිණ

කවි කියවා අවසන

"නුඹ හොඳ කවියෙකැ" යි

තුටින් පැවසූ මොහොතේ

පෙර වූ දයාවත්

තැවුලත්

පහව ගිය මුහුණ ද

අතැඟිල්ලක රැඳුණ

මඟුල් මුදුවේ කිරණද

මා දුකට පත් කළෙන්,

 

මින් මතු

කවි ලියා

නුඹට පෙන්වීම

නවතන්නට

සිතුවෙමි......

- ප්‍රදීප් සාරංග කුමාර_






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'