Logo
2019 දෙසැම්බර් මස 7 වැනි සෙනසුරාදා

අලුත විවාපත් කවියා - ප්‍රදීප් සාරංග කුමාර-



කවි ලිය ලියා මා කල් අරින

මේ කැලෑ මං කරා පිය නො මැන

කැලෑවට ඇතුළු වන දොර ළඟ

රැඳෙනු මැන මගේ හොඳ බිරිය ව .....

 

මේ කැලෑ ගඳ නුඹට ඉවසන්ට

හැකි වේවිද කියා සැකයි මට

හැකිළුණු මුවින් නුඹ සිටින විට

සැනසීමෙන් ඉන්ට හැකි ද මට......

 

මේ වනේ තනි ව සැරිසරන්නට

දෙනු මැන නුඹෙන් සුළු ඉඩක් මට

ගෙනැත් හිස පළඳනා වන මලට

ඉඩ දීම සෑහේය සෙනෙහසට .......

- ප්‍රදීප් සාරංග කුමාර-






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'