Logo
2019 දෙසැම්බර් මස 7 වැනි සෙනසුරාදා

සුන්දරත්වය සහ කවියා - සෙනරත් කෝරාළ-



සුන්දර මුහුද දෙස

වෙරළේ සිට බලා සිටින

මිතුරෙකු ඇසී

"මන්දැයි බලා සිටින්නේ මුහුද දෙස ?"

නොරිදවන නිසාය සිත්

මිනිසුන් මෙන් .......

පිළිතුරු දුනි කවියා

 

ප්‍රචණ්ඩ මුහුද දෙස

වෙරළේ සිට බලා සිටින

ධීවරියගෙන් ඇසී කවියා

"මන්දැයි බලා සිටින්නේ මුහුද දෙස?"

මුහුදු ගිය සැමියා

නො ආ හෙයිනැ' යි

කී ය ඇය.....

- සෙනරත් කෝරාළ-






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'