Logo

ශ්‍රී ලංකා ‘ඒ’ කඩුලු 7කට ලකුණු 272යි



සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල සමග රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි හා අවසන් සිවුදින ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනය නිමාවන විට කඩුලු 7ක් දැවී ලකුණු 272ක් රැස්කරගෙන සිටියේය.

තරගයේ කාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ ශ්‍රී ලංකා පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන් කුසල් ජනිත් පෙරේරා හා සඳුන් වීරක්කොඩි පළමු කඩුල්ලට ලකුණු 133ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූහ. ඒ අතරතුර කුසල් පන්දු 59කින්ද, වීරක්කොඩි පන්දු 64කින්ද අර්ධ ශතක වාර්තා කළහ. ඉනිමේ 29වැනි ඕවරයේදී කුසල් ජනිත් පෙරේරා ලකුණු ලකුණු 69කට දැවී යෑමෙන් එම සබඳතාව බිඳ වැටුණි. පන්දු 85කට මුහුණදුන් කුසල් හතරේ පහර 11ක් ඉනිමට එක්කර ගත්තේය.

පළමු තරග දෙකේදී අසාර්ථක වූ ළහිරු තිරිමාන්න නායකත්වයේ වගකීමද සහිතව මේ තරගයට එක්වූ අතර ඔහුට යළිත් ලකුණු අතරට ඒමට නොහැකි විය. ඔහුට පන්දු 14කින් ලබාගත හැකිවූයේ ලකුණු 2ක් පමණි. දෙවැනි කඩුල්ල ලකුණු 151දී බිඳ වැටුණු අතර තවත් ලකුණු 2ක් එක්වෙද්දී වීරක්කොඩිගේ ඉනිමද නිමා විය. ඔහු පන්දු 105කදී හතරේ පහර 10ක් සමගින් ලකුණු 79ක් රැස් කළේය. අසේල ගුණරත්න (16) සිවුවැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර චරිත් අසලංක හා රොෂෙන් සිල්වා 5වැනි කඩුල්ලට ලකුණු 56ක් එක් කරමින් සිටියදී රකීම් ‍කොන්වෙල් හමුවේ අසලංක ලකුණු 46කට දැවී ගියේය. දසුන් ශානක (13) හා ජෙෆ්රි වැන්ඩෙසේ (2) 6වැනි හා 7වැනි කඩුලු ලෙසින් පිටියෙන් ඉවත් වූ අතර තරගය නතර කරනවිට රොෂෙන් සිල්වා නොදැවී ලකුණු 40ක් රැස්කර තිබිණි.

තුන්ඉරියව් ක්‍රීඩක දසුන් ශානක, කඩුලු රකින නවක ක්‍රීඩක සඳුන් වීරක්කොඩි, වමතින් දඟ පන්දු යවන අමිල අපෝන්සු, වේග පන්දු යවන ළහිරු ගමගේ හා ආබාධයක් හේතුවෙන් දෙවැනි තරගයට ක්‍රීඩා නොකළ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ද ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබිණි. දෙපිල අතර කොළඹ දී පැවැති පළමු නිල නොවන සිවුදින ටෙස්ට් තරගය කඩුලු 7කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ අතර දෙවැනි තරග ලකුණු 333කින් ජයගනිමින් තරගාවලිය 1-1කින් සමකරගැනීමට කොදෙව් පිල සමත්ව සිටී.

අද තරගයේ දෙවැනි දිනයයි.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම - 272/7 (ඕවර 80) සඳුන් වීරක්කොඩි 79, කුසල් ජනිත් 69, චරිත් අසලංක 46, රොෂෙන් සිල්වා නොදැවී 40 (රකීම් කොන්වෙල් 93/3, ඩෙලන් ජොන්සන් 43/2, ඩෙමියන් ජෙකොබ්ස් 64/2)‍

දැන්වීම්
සැබෑ භික්ෂුවකගේ පැවැත්ම කෙසේ විය යුතුද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-07-20 00:28:23 - 477
ජූනි 29 ය සිකුරු මාරුව ඔබට කොහොමද
- විජිත රෝහණ විජේමුණි
2017-06-30 07:51:39 - 411249
සීගිරියේ ජල තාක්ෂණය සොයාගත් අරුම පුදුම ස්කෝලෙ මහත්මයා
- ඉන්දික කුමාර
2017-06-20 20:40:23 - 918798
කැප්පෙටිපොළ දේශද්‍රෝහී ලයිස්තුවෙන් ඉවත්කර ඔහුගේ මී මුණුපුරා සිරගතකල සිරිසේනගේ අපූරු යහපාලනය
- ඉන්දික කුමාර
2017-06-12 00:28:14 - 1243966
ආණ්ඩුවේ නිහඬ ඝාතකයා (Silent Killer) කවු ද?
- මහින්ද පතිරණ
2017-06-11 15:20:40 - 1206121
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මහින්ද පතිරණ
2014-06-18 17:22:53 - 7665000
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 7517820
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 6512918
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 6519717
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 6398271
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'