Logo

ආසියාවේ පළමු දිවාරාත්‍රී ටෙස්ට් ජය පාකිස්තානයට



ආසියාවේ පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් පිල පරදවා ලකුණු 56ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත්විය. මේ ජයග්‍රහණයත් සමග දෙපිල අතර තරග 3කින් සමන්විත ටෙස්ට් තරගමාලාව 1-0කින් පෙරමුණ ගැනීමට පාකිස්තානයට හැකිවිය.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ ඩුබායි නුවර පැවැති මේ තරගයේ ජයග්‍රහණය සඳහා පාකිස්තානය ලබා දුන් ලකුණු 346ක ඉලක්කය හඹාගිය කොදෙව් පිලට සියලුදෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 289ක් පමණි.

තරගයේ සිවුවැනි දිනය නිමාවනවිට කඩුලු 2ක් දැවී ලකුණු 95ක් ලබා සිටි කොදෙව් දෙවැනි ඉනිම අවසන් දිනයේ දී විශිෂ්ට ශතකයකින් වර්ණවත් කළ ඩැරන් බ්‍රාවෝ ප්‍රතිවාදීන්ගේ ජයග්‍රහණය අවසන් පැය දක්වා ප්‍රමාද කිරීම කැපී පෙනුණි.

මිනිත්තු 406ක් කඩුල්ල රැකගත් බ්‍රාවෝ පාකිස්තාන දඟපන්දු යවන්නන්ට සාර්ථකව මුහුණදුන් අතර පන්දු 249කදී හතරේ පහර 10ක් සහ හයේ පහරක් එල්ල කළේය. ඔහු දැවී ගියේ යසීර් ෂා යැවූ පන්දුවකට ඔහුටම පෙරළා ලබා දුන් උඩපන්දුවෙනි.

වාර්තා රැසකින් සමන්විත වූ මේ තරගය පාකිස්තානය ක්‍රීඩා කළ 400 වැනි ටෙස්ට් තරගය ද විය. පාකිස්තානය පළමු ඉනිම - 579/3 (ඉනිම අත්හිටුවන ලදි) අසාර් අලී නොදැවී 302, සමි අස්ලාම් 90, බාබර් අසාම් 69, අසාඩ් ශෆීක් 67, මිස්බා උල් හක් නොදැවී 29 ( දේවේන්ද්‍ර බිෂූ 125/2) සහ දෙවැනි ඉනිම - 123 (සියලුදෙනා දැවී) සමි අස්ලම් 44, බාබර් අසාම් 21 ( දේවේන්ද්‍ර බිෂූ 49/8)

කොදෙව් පළමු ඉනිම - 357 (සියලුදෙනා දැවී) ඩැරන් බ්‍රාවෝ 87, මාලන් සැමුවෙල්ස් 76, ජෙරමින් බ්ලැක්වුඩ් 37, ක්‍රෙග් බ්‍රැත්වේට් 32, ශේන් ඩවුරිච් 32 ( යසීර් ෂා 121/5) සහ දෙවැනි ඉනිම - 289 (සියලුදෙනා දැවී) ඩැරන් බ්‍රාවෝ 116, ලියොන් ජොන්සන් 47, ජේසන් හෝල්ඩර් නොදැවී 40, රොස්ටන් චේස් 35 ( මොහොමඩ් ආමීර් 63/3)

දැන්වීම්
ලොව විශාලතම මතක ශක්තියට හිමි ගිනස් වාර්තාව දරන මිංගුන් සයදේව් ස්වාමින් වහන්සේ.
- ඉන්දික කුමාර
2017-05-20 23:38:52 - 75383
මවකගේ වෑයමින් ඔහු අද සියවසෙහි ශ්‍රේෂ්ඨතම බුද්ධිමතාය
- ඉන්දික කුමාර
2017-05-20 07:28:29 - 82601
අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ ශාස්ත්‍ර පරිහානියට වගකිව යුත්තේ කවුද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-05-16 19:39:27 - 113207
බුදු දහම විකුණන මහාචාර්යවරුන්ගෙන් පරිස්සම් වෙන්න !
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-05-11 22:09:21 - 127591
බද්ද අඹ පැළයක් නිවසේදීම හදාගමු
- ඉන්දික කුමාර
2017-04-23 14:03:11 - 466531
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 4071475
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 3787567
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 3830761
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 3798546
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 3772520
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'