Logo
2019 අගොස්තු මස 23 වැනි සිකුරාදා

නුඹම සෙව්වා - රොහාන් කාවින්ද -



අහස තනියම ඉකිබිඳියි

සයුර කැළඹෙයි මහ හඩින්

සඳ සැගව ඇත අහසට උඩින්

කලුවරට හුරු දැස මගෙ

නුඹම සෙව්වා............සෙනෙහසින් .....

 

මල් පිරුන සිහිනය දුර ගිහින්

සිනහ මදහස එක් කරන්

කදුළ ඇස්යට තදකරන්

කලුවරට හුරු දැස මගෙ

නුඹම සෙව්වා ........ සෙනෙහසින් .....

 

නෙතු කදුළු අතරින් හිනැහෙමින්

නුඹ පාව ආවා හීනයෙන්

කදුළු අතරින් නෙතු පියන්

යට කලුවරට හුරු දැස මගෙ

නුඹම සෙව්වා ........සෙනෙහසින් .......






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'