Logo
2019 නොවැම්බර් මස 13 වැනි බදාදා

සංසාරේ අපි -පිය­සීලි විජේ­නා­යක-



හිසට සෙවණ වෙයි මහ තුරු වැඩු­ණාම
ගතට සිසිල දෙයි මඳ­නල හැමු­වාම
පයට බුමු­තු­රුණ පොළොවේ ඇවි­දීම
නෙතට පිය ­ද­සුන විය ඔබ හැම­දාම

කඳු පාමුල මිටි­යා­වත පැහැ­බ­රය
දෙඩූ බහක් ඇත්නම් එය හර­බ­රය
දරා සිටිය පොත් අප දෝතට බරය
හස­රැලි නඟයි හන්තානේ කඳු ගැටය

බන්දා සත්මාල හැඩ­කර කර වටට
රන්දා රන්හු­යෙන් දෑඟිලි බැඳ යසට
අන්දා සළු පිළි බැහැ­රින් ඉහ වටට
කැන්දා ගියේ සෙංක­ඩ­ගල පුර­ව­රට

මල් යායක් දුටිමු ඉහ­ළින් තණ පිටිය
මන නඳ කෙරෙයි එය මය අප සිතු සැටිය
ආ දුර බොහෝ වෙයි යා යුතු මඟ කෙටිය
දෝතට සවිය දෙමු අත­හැර හැර­මි­ටිය

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'