Logo
2019 ජූලි මස 22 වැනි සඳුදා

පෙම්බරයාණෙනි - රත්නා ලංකා අබේ­වි­ක්‍රම-



සුන්දර හැඟුම් මල් මත විසි­රුණු පිනිය
ඉන්දෙන සිසිල පෙම්බර සුව­යක් වුණිය
යන්තම් පෙනෙන අහසේ මන්දා කිණිය
හංග­න්නට හදන නුඹගේ පෙම වැනිය

දුටු විට හිනැ­හිලා ගැහුවා මෙන් ඉද්ද
වට­පිට නොම බලා යයි නැතු­වම සද්ද
කුම­රුට මල්සරා මල් හීයෙන් විද්ද
එළි­පිට කිය­න්නට හිත හයි­යක් නැද්ද

කකියා ළය මඬල රිද­වන පෙමක ර‍ඟේ
කොකියා ඇට මිදුලු අස්සේ දුවනු හැ‍ඟේ
නොකියා සිටි­න්නට ඔය සිත කරන ද‍ඟේ
හැකි­යා­වක් නැද්ද කිව මැන නොකර අගේ

නිස්ස­ද්දය නුඹේ ගීයක් මෙනි ඇසෙන
විස්වා­සය දැනේ මහ සවි­යක් ලෙසින
අස්සක් නෑර ආද­රයේ දිය ඉසින
වැස්සක් වෙන්න මගෙ දිවි කත­රට වසින

මගෙ හිත නොවේ වැඩි­යෙන් මා අඳු­නන්නේ
ඔය හිත තමා එය නුඹ හොඳ හැටි දන්නේ
නැඟ­ණිය කියා ඉස්සර මෙන් අම­තන්නේ
බහ දෙන තුරා මා ඉව­සි­ල්ලෙන් ඉන්නේ


 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'