![]() 2018-04-18 00:00:58 ![]() |
![]() 2018-04-17 23:12:04 ![]() |
2018-04-17 22:55:26 ![]() |
![]() 2018-04-17 22:28:44 ![]() |
![]() 2018-04-17 22:20:42 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:19:01 ![]() |
2014-10-25 10:07:21 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
(කුලී) නත්තල් සීයාගේ නත්තල
කට්ට අවුවට තිබහ එනකොට බෝතලෙන් ඇල් වතුර බිවුවා
කකුලෙ මස් ගොබ රිදුම් කනකොට හොරෙන් ටිකකට ගිමන් නිවුවා
ටිකක් ලොකුවට ඇඳපු ඇඳුමට ඇඟේ ඇට කටු මුවා කෙරුවා
මෙදා නත්තල් සීයා විදිහට දවස් කුලියට තෑගි බෙදුවා
අපේ පොඩි උන් දෙන්න වාගෙම ළමයි සල්පිල පුරා උන්නා
කරේ එල්ලන් ඉන්න මල්ලෙන් මගේ නොවෙනා තෑගි දුන්නා
පාන්වත් නැති අපේ නත්තල මතක්වෙනකොට කදුළු පැන්නා
හිනාවෙන වෙස් මුහුන අස්සෙන් එවුවා හෙමිහිට බිමට වැටුණා
ප්ලාස්ටික් ගස් මුදුනෙ හිනැහෙන බල්බ් තරු වැල් රෑන් දිළුණා
සීනු හඬවල් මකාගෙන එන හෝන් හඬවල් උස්ව නැගුනා
ජේසු බිළිඳා උපන් ගවලෙන සේල් කියලා ලියා තිබුණා
ගමේ එනකොට උඹට දෙන්නට ගවුම් රෙද්දක් ගන්න හිතුනා
කඩේ ණය පොත පෙන්න පෙන්නා කුරුසයේ ඇණ ගහන හින්දා
පරන ණය ටික ගෙවනකන් එහෙ යන්න බැරුවැති නේද නන්දා
මෙදා නත්තල් රෑට එකටම පල්ලි යන්නත් නොවෙන හින්දා
ඔයා මහගෙයි දිහා ගියොතින් හිතට ඩිංගක් හොඳයි නන්දා
![]() 2018-04-18 00:00:58 ![]() |
![]() 2018-04-17 23:12:04 ![]() |
2018-04-17 22:55:26 ![]() |
![]() 2018-04-17 22:28:44 ![]() |
![]() 2018-04-17 22:20:42 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:19:01 ![]() |
2014-10-25 10:07:21 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
- නලින් ද සිල්වා 2018-04-06 03:34:57 ![]() |
- අචාර්ය නාලක ගොඩහේවා 2018-04-01 22:18:37 ![]() |
- ඉන්දික කුමාර 2018-01-17 20:45:06 ![]() |
- ඉන්දික කුමාර 2018-01-13 19:43:13 ![]() |
- නලින් ද සිල්වා 2018-01-07 19:49:53 ![]() |
- නලින් ද සිල්වා 2014-06-18 17:22:53 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-15 18:13:12 ![]() |
- රත්තනදෙණියේ මේධානන්ද හිමි 2015-01-13 06:05:47 ![]() |
- මහින්ද පතිරණ ![]() |
- ඉන්දික කුමාර 2015-02-07 23:33:29 ![]() |