Logo

ලංකාවේ නායකයන්ට නැති කොන්ද පිලිපීන ජනපතිගෙන්-අල් හුසේන්ට දුවන්න දෙයි



පිලිපීන ජනාධිපති දුටරේට් රොද්‍රිගෝ එරට මත්ද්‍රව්‍ය නිවාරන ස්වේච්ඡා බලකායේ සාමාජිකයින් ඇමතිමේ රැස්වීමේදි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවහිමිකම් කවුන්සලේ ප්‍රධානි අල් හුසේන් කුමරුට අමු තිත්ත කුණුහරුපෙන් බැන වැදි ඇත්තේ ජනාධිපති ගෙන යන මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනට විරුද්ධව ඔහු විසින් පලකළ මානවහිමිකම් කඩවීම් සම්බන්ධ අදහස් පිලිබඳවයි.

එහිදි පිලිපීන ජනාධිපතිවරයා පවසා සිටියේ ‘මගේ ස්වාධීන රාජ්‍යයේ ජනතාව වෙනුවෙන් ගන්නා තීරණ සම්බන්ධයෙන් හා ඔහුනගේ යහපත සඳහා රටේ වසංගතයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය වෙළෙඳාම හා භාවිතය තුරන් කිරීමට ගන්නා ක්‍රියාමාර්ග විවේචනය කරන්න හෝ ඒ සම්බන්ධයෙන් උපදෙස් දෙන්න උබ කවුද? උබට තියෙන අයිතිය මොකක්ද තවත් ස්වාධීන රාජ්‍යයක පරිපාලනයට ඇඟිලි ගසන්නට? තෝ එන්න එපා අපිට උපදෙස් දෙන්න *** පුතා’ යනුවෙන් ඉතා දැඩි ලෙස දෝෂාරෝපණය ලක් කලේය.

එමෙන්ම ජනාධිපතිවරයා පවසා සිටියේ උබලා අපේ රටවලින් පාලනය කරන ආයතනයක් මෙන්ම අපේ මුදල්වලින් පඩි ලබන සේවකයින් බව මතක තියා ගත යුතු බවයි.

පිලිපීනය ලෝකයේ වැඩිම ජනගහනය වෙසෙන රටවල් 10 ක් එකක් වන අතර ඇමරිකානු යුද කඳවුරු කිහිපයක්ම එහි දූපත්වල පිහිටුවා තිබේ. එහෙත් එම රටේ පසුගිය කාලයේදී ඉතා දරුණු ලෙස මත්ද්‍රව්‍යට ඇබ්බැහිවීම වැඩි වී ඇති අතර එම උවදුර නිසා විශාල සංඛ්‍යාවක් වාර්ෂිකව මියයයි,

ශ්‍රී ලංකාවේ වසර 30ක් තිබු ලෝකයේ දරුණුතම කොටි ත්‍රස්තවාදී යුද්ධය නිමකිරීම මගින් ශ්‍රීලංකිකයන් දහස් ගණනකගේ ජීවිත බේරාගැනීමට ක්‍රියාකල මහින්ද රාජපක්ෂ ජනාධිපති ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානින්ට සහ එම රජය ගත් පියවර සම්බන්ධයෙන් අගය කිරීමක් නොකොට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවහිමිකම් කවුන්සලේ ප්‍රධානි අල් හුසේන් කුමරු තවමත් පරික්ෂණ පවත්වන අතර වර්තමාන ශ්‍රී ලංකා රජය ඔහුන් වන්දනිය තත්ත්වයට පත්කරගෙන සිටී.

අපේ රටේ රණවිරුවන්ට විරුද්ධව නිරන්තරයෙන්ම චෝදනා එල්ලකරමින් කොටි ඩයස්පොරාවේ මතවාදයට මුල් තැන දෙමින් ක්‍රියාත්මක වන එ.ජා මානව හිමිකම් කවුන්සලයට අසියාවේ ප්‍රධාන රටක රාජ්‍ය නායකයා මෙසේ ඇමතිම ශ්‍රී ලංකාවේ දෙශප්‍රෙමි ජනතාවට අස්වැසිල්ලකි.

විඩියෝව මෙතනින් මෙහි සම්පූර්ණයෙන්ම බලන්න අවශ්‍ය කොටස් ඉංග්‍රීසියෙන් ඇත.

උපුටා ගැනීමකි.



Loading...
දැන්වීම්
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 15039

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 49327
සෙංකඩගල නිළමෙලා සිංහල ජාතිය පාවා දීම
- නලින් ද සිල්වා
2018-04-06 03:34:57 - 113210
රටට අවශ්‍ය දේශපාලනීකරණය නොවු යහපාලනයකි
- අචාර්ය නාලක ගොඩහේවා
2018-04-01 22:18:37 - 129800
ලොව ඉහලම කාබන් ප්‍රතිශතයක් ඇති ලොව හොඳම මිනිරන් හමුවන බෝගල මිනිරන් පතල
- ඉන්දික කුමාර
2018-01-17 20:45:06 - 487307
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 14140067
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 13974322
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11553014
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11441612
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11239701
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'