Logo

ඔබාමා ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට අවවාද කරයි



අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා පවසන්නේ පවුලේ ව්‍යාපාරයක් කළමනාකරණය කරන ආකාරයෙන් ධවල මන්දිරයේ සිට රට පාලනය කිරීමෙන් වළකින්නැයි තමන් නව ජනාධිපති අනුප‍්‍රාප්තිකයා වන ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට අවවාද කරන බවයි.

 ඒ බී සී රූපවාහිනිය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා ඇත.

එසේම ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු පෘථිවියේ ඇති විශාලතම සංවිධානයේ ප‍්‍රධානියා තමන් බව ඩොනල්ඩ් ට‍්‍රම්ප් සිතට ගතයුතු යැයිද බරක් ඔබාමා ප‍්‍රකාශ කර තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහණය වෙනුවෙන් රුසියාව අන්තර්ජාලය හරහා බලපෑම් කළ බව අමෙරිකානු බුද්ධි අංශ මීට පෙර චෝදනා කළ අතර ඒ පිළිබඳ අදහස් දක්වමින් ඔබාමා ප‍්‍රකාශ කර ඇත්තේ සයිබර් ප‍්‍රහාරයන්ගෙන් සහ අන්තර්ජාලය හරහා වැරදි තොරතුරු සන්නිවේදනය වීමෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඇතිවිය හැකි බලපෑම පිළිබඳ තමන් අවතක්සේරුවකින් සිටි බවයි.

කෙසේ වෙතත් එහු වැඩිදුරටත් පවසා ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලැදිමියර් පුටින් පිළිබඳ තමන් අවතක්සේරුවකින් නොසිටි බවයි.

Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12074272
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12085649
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9571177
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9474113
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9301305
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'