Logo

තිරිසන් ගති ඇති මිනිස්සු ඉවක් බවක් නැතුව කැලෑ කපපු එකේ වන්දි ගෙවන්න වෙලා-විජයදාස



"අවුරුදු තිහකට කලින් 70% ක් වුනු වනාන්තර ගහනය දැන් 24% කට අඩු වෙලා... පරිසරය රැකුනොත් තමයි අපිව රැකෙන්නේ.. බුදුරජානන් වහන්සේ තරම් පරිසරයට ආදරය කරන්න මග පෙන්වපු වෙන කවුරුවත් නෑ...
තිරිසන් ගති ඇති මිනිස්සු ඉවක් බවක් නැතුව කැලෑ කපපු එකේ වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ අපි ඔක්කොටම .."

ජනපති පදවි ප්‍රාප්ති දෙවර්ෂ පුර්ණය හා 2017 ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවයට සමගාමිව නාවින්න රජ මහා විහාරස්ථානයේදී පවත්වන ලද රුක් රෝපණ ව්‍යාපෘතියට සම්බන්ද වෙමින් ගරු බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා විසින් කාලින කරුණු කිහිපයක් අරඹයා මෙම අදහස් ප්‍රකාශ කරන ලදී.

"කණ්ඩායම් වලට බෙදිලා එක එක අය තරඟ කරන "ජනාධිපතිතුමා අයිති කාටද..?" යන්න අද මාධ්‍ය තුල කතිකාවක් බව ප්‍රකාශ කල එතුමා දේශපාලඥයින් ගැන ජනතාවට පරික්ෂා කර බැලීමට මේ කාලය හොඳම කාලපරිච්ජේදයක් බවද ප්‍රකාශ කළේය.

විල්පත්තුව ඇතුළු වනාන්තර විනාශය ජාති, භාෂා හෝ ආගම් ප්‍රශ්නයක් නොවන බව අවධාරණය කල එතුමා ඒවා රැකගැනීමට එකම ජාතියක් ලෙස එකතු වී කටයුතු කලයුතු බවත් දැනටමත් රක්ෂිත වනාන්තර විනාශය හා පුරා වස්තු සංහාරය පිලිබඳව කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවද ප්‍රකාශ කර සිටියේය.

ලෝක උරුමයන් රැක ගනිම ජාති ආගම් භේදහ්යකින් තොරව සිදු කලයුතු කාර්යයක් බව අවධාරණය කරමින් අමාත්‍යතුමා විසින් මේ රටේ ජිවත් වන හැම කෙනෙක්ම ජාති ආගම් භේධ වලින් තොරව ජාතික වස්තුන් ගැනීමට එක් වියයුතු බව සඳහන් කර සිටියේය.

පදවිප්‍රාප්තියේ දෙවර්ෂ පුර්ණය සමරන ජනපතිතුමන්ට එතුමාගේ ඉදිරි කාලය මීටත් වඩා හොඳින් ජනතා සේවයට කැප කිරීමට නිරෝගී සුවය හා චිර ජීවනය ලැබේවායි ප්‍රාර්ථනාවක්ද මෙහිදී අමාත්‍යතුමා විසින් එක් කළේය.

 



දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- කැළුම් ජයසුමන
2014-06-18 17:22:53 - 1888849
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 1738628
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1706495
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1712067
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1739032
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'