Logo

සත්‍ය එක රැයින් එළි නොවේ !-මහින්ද



රනිල් වික්‍රමසිංහ විසින් මත්තල ගුවන් ‍තොටුපළ වී ගබඩාවක් කිරීමට යොදා ගත්තේ රාජපක්‍ෂ යුගයේ සංවර්ධනය ගැන ඔහු තුළ වූ අධික හීනමානය හා ඊර්ෂ්‍යාව නිසා බව නොරහසකි. රටක් සංවර්ධනය කළ හැක්කේ තමන් වැනි කොලම්බියන් කෙනෙකුට හැර හම්බන්තොට 'බයියෙකුට' නොවන බවට ඔහු හා ඔහුගේ රෝයල් ගැන්සිය කලක සිට හෙබ වූ මානසිකත්වය මහින්ද විසින් පරාජය කිරීම මීට හේතුවයි. ඒ නිදහසින් පසු මෙරට දුටු සෑම සිහිනයක් ම මහින්ද විසින් මහපොළොවට ගෙන එමිනි. ඒ සියල්ල රනිල් ලිලිපුට්ටෙකු කර දැම්මේ ය. යුද්ධය අතරතුර පවා රනිල් කළ ප්‍රකාශයන්ගෙන් පෙනී ගියේ මේ ඊර්ෂ්‍යාව හා හීනමානය ම බව පැහැදිළි ය. 'තොප්පිගල කියන්නේ කැලයක්' කීවේ ශ්‍රී ලංකා හමුදාවට ඊළාම් යුද්ධය තුළ අන් කිසිදිනක අල්ලා ගත නොහැකි වූ තොප්පිගල මහින්ද යටතේ අල්ලා ගැනීම නිසා ඇති වූ දැඩි ඊර්ෂ්‍යාපරවශ බව නිසා ය. මහින්දට ණය නොදෙන ලෙස ඔහු HSBC හා Standard Chartered, Deutsche Bank වැනි බැංකු ඉදිරිිපිට පිකටින් කළේ ද මේ නිසා ය.

මහින්දගේ මහා සංවර්ධන දැක්මේ හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ හා දක්‍ෂිණ අධීවේගි වාර්ගය යනු තුනක් නොව එකකි. මන්ද මේ තුනම ඉතා සමීප ව එකට බැඳී තිබෙන හෙයිනි. රටේ ආර්ථික කොඳු නාරටිය එය වීමට නියමිත ව තිබුණි. දිගුකාලීන ව එසේ වුවත් කෙටි කාලීනව මත්තල වැදගත්කමට උපහැරණ සපයන්නේ පහත පින්තූරයයි. ‍'ෆෝබ්ස්' සඟරාවට ඩොලර් ලක්‍ෂ 5ක් ගෙවා මත්තල ගැන නිශේධාත්මක ලිපියක් පළකර ගත් මේ ආණ්ඩුව උඩබලාගෙන කෙළ ගැසුවේ තමාගේ ම මූණට බව දැන් වැටහී ඇතුවාට සැක නැත. රටකට ජාත්‍යන්තර ගුවන් තොටුපළ දෙකක් නොමැති වීම එරට පිළිබඳ ගුවන් කර්මාන්තයේ කුඩම්මාගේ සැලකිලි ලැබීමට හොඳම අවස්ථාවකි. ලංකාව මෙය දශක ගණනාවක් අත්වින්දේ ය. මෙරටට එන සෑම ගුවන් යානාවකට ම හදිසියක දී ඉන්දියාවට යෑමට අවශ්‍ය අමතර ඉන්ධන ද රැගෙන ඒමට සිදුවිය. ඉන් ගුවන් කාර්ගෝ ප්‍රමාණය විශාල ලෙස අඩු වූයේ කාර්ගෝ පැටවිය හැකි බර ඉන්ධනවලට යන හෙයිනි. දැන් කටුනායක ගුවන් පථය අලුත්වැඩියා කෙරන විට ඇති වන තදබදය වැළකීමට ඉන්දියාවට පියාසර නොකර කෙළින් ම මත්තටලට යෑමේ වාසිය අපට ලැබී තිබේ. මහින්ද සියල්ල කළේ එදාවේලට නොව, කොතරම් දුර දක්නා නුවණකින් ද යන්න සිතීමට මේ කුඩා උදාහරණය ම ප්‍රමාණවත් ය. සත්‍ය එක රැයින් එළි නොවේ. Truth is a process !

Image may contain: one or more people and indoor

 

දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- කැළුම් ජයසුමන
2014-06-18 17:22:53 - 1881846
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 1732092
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1698362
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1702215
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1728804
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'