Logo

දින 10ට ඩෙංගු රෝගීන් 1000ක් වාර්තා වෙයි



සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ මෙම වසරේ ගත වූ දින 10 තුළ ඩෙංගු රෝගීන් දහසක් වාර්තා වී ඇති බවයි.

කෙසේ වෙතත් ඩෙංගු රෝගයට ගොදුරු වී මියගිය පුද්ගලයන් පිළිබඳ තොරතුරු ගත වූ දින 10 තුළ වාර්තා වී නොමැති අතර මෙම වසර තුළ තවදුරටත් ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට දැනුම් දී තිබේ.

පසුගිය 2016 වසරේ මදුරුවන් බෝ වන ස්ථානවලින් සියයට 22ක් හමුවී ඇත්තේ පාසල් පද්ධතියෙන් බව වාර්තා වේ.

පාසල් 667කින් ඩෙංගු මදුරු කීටයන් සොයාගෙන ඇති අතර පාසල් 81කට නඩු පැවරීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන් පාසල් පවිත්‍ර කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන ලෙස  අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇත.

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 13275893
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 13173601
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 10617093
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 10516868
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 10338555
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'