Logo

සෞඛ්‍ය ඇමති තවත් චක‍්‍රලේඛයක් නිකුත් කරයි



සෞඛ්‍ය අමාත්‍යංශය පවසන පරිදි අක්ෂි කාච සහ හෘද ප‍්‍රතිකාර සඳහා ස්ටෙන්ස් ලබාගැනීමට රජයේ රෝහල්වලට පැමිණෙන රෝගීන්ගෙන් වෛද්‍යවරුන් විසින් මුදල් අයකර ගැනීම තහනම් වේ. ඒ සඳහා වූ චක‍්‍රලේඛයක් ද නිකුත් කරන ලෙස අමාත්‍යවරයා විසින් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටියට ඊයේ (11) උපදෙස් දී ඇත.

රජය විසින් නොමිලේ ලබාදෙන ස්ටෙන්ස් මුදලට අලෙවි කරන සමාගම්වල නියෝජිතයින් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය ඉදිරිපිට නිතර ගැවසෙන බවට පැමිණිලි ලැබී ඇත.

හෘද රෝගීන් සඳහා නොමිලේ ලබාදෙන ස්ටෙන්ස් මේ වන විට ප‍්‍රමාණවත් තරම් ඇතත් ඒ සඳහා භාවිත කරන වෑල්ස්වල හිඟයක් පවතින බවත්, එම වෑල්ස් කඩිනමින් ආනයනය කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබා දී ඇත.

දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- අරුණ කාන්ත බණ්ඩාර
2014-06-18 17:22:53 - 1323400
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1197628
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 1202847
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1194367
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1199387
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'