Logo

බෞද්ධ සිද්ධස්ථාන හා සිංහල ව්‍යාපාරික ස්ථාන අනතුරේ

අලූත්ගම ප්‍රදේශයේ පසුගිය දා ඇති වූ කලහකාරී සිද්ධීන් වලින් පසුව එම තත්ත්වයන් පාලනය කර ගැනීම සඳහා සියලූ පාර්ශවයන් සමඟ ඇති කර ගත් එකඟතාවයන් කඩ කරමින් කළහකාරීව හැසිරෙන මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් තව දුරටත් සිංහල ව්‍යාපාරික ආයතන වලට පහර දීම් ගිනි තැබීම් සිදු කරන බැවින් සිංහල ව්‍යාපාරික ස්ථාන සහ බෞද්ධ සිද්ධස්ථානවලට වහා ආරක්‍ෂාව සලසා දෙන්නැයි ජාතික හෙළ උරුමයේ පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

16 වන දින රාත‍්‍රියේ වැලිපැන්න නගරයේ ව්‍යාපාරික ස්ථාන 10 කට වෑන් රථයකින් පැමිණි මුස්ලිම් කණ්ඩායමක් විසින් පහර දී අලාභ හානි කර ඇත. එම අවස්ථාවට පැමිණි පුද්ගලයින් හදුනාගෙන ඇත. පිට පළාත්වලින් පැමිණි අන්තවාදී කණ්ඩායම් ද මෙම ප‍්‍රදේශයේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වලට සම්බන්ධ වූ බවට තොරතුරු ලැබී ඇති බවට එම මාධ්‍ය නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.

මොවුන්ට එරෙහිව වහාම නීතිය ක‍්‍රියාත්මක කර තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරන ලෙස අප ආරක්ෂක අංශ වලින් ඉල්ලා සිටින අතර සිංහල ව්‍යාපාරික ස්ථාන සහ බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්නා ලෙසත් දිගින් දිගටම සිංහල බෞද්ධ ජනතාව ප‍්‍රකෝප කරමින් කටයුතු කරන මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් හා පුද්ගලයන්ට එරෙහිව නීතිය වහාම ක‍්‍රියාත්මක කර එම ප‍්‍රදේශවල සාමය පවත්වා ගැනීමට කටයුතු කරන ලෙසත් සියලූම වග කිව යුත්තන්ට ජාතික හෙළ උරුමය මෙම නිවේදනය මඟින් අවධාරණය කර සිටී.

දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- කැළුම් ජයසුමන
2014-06-18 17:22:53 - 1883925
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 1734126
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1699876
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1705002
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1730798
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'