Logo

චීනය ටෙලිප්‍රවාහන තාක්‍ෂණය ජයගනී



චීනය විසින් ටෙලිප්‍රවාහන තාක්‍ෂණය යොදා ගනිමින් පෘථිවියට කිලෝමීටර් 1400ක දුරකින් පිහිටි තම චන්ද්‍රිකාවක් තුළට වස්තුවක් ප්‍රවාහනය කොට තිබේ. ටිබෙටයේ පිහිටා තිබෙන පර්යේෂණාගාරයක පොටෝන යුවල 4000ක් පමණ නිපදවා එකී පෝටෝන යුගලයන්ගෙන් එකක් අදාළ චන්ද්‍රිකාවේ ඇති පෝටෝන ග්‍රාහකය වෙත ප්‍රවාහනය කොට ඇත්තේ ක්වොන්ටම් භෞතිකයේ එන "ක්වොන්ම් පැටලීම" (entanglement) සංකල්පය පාදක කරගනිමිනි. මෙම සංකල්පයට අනුව, ස්ථාන දෙකක තිබෙන පොටෝන දෙකක් කොතරම් දුරින් තිබුණ ද ඒවා එකිනෙක හා පැටලීම හෙවත් සම්බන්ධ වීම හෙවත් ජාලගත වීම සිදු වේ. චීන විද්‍යාඥයින් විසින් ලොව ප්‍රථම වරට කර තිබෙන මෙම පර්යේෂණය ඉතා විප්ලවකාරී එකක් ලෙස සැලකිය හැකි අතර ඉදිරියේ දී මිනිසුන් ද මෙයාකාරයෙන් ම තැනින් තැන‍ට ප්‍රවාහණය කිරීමට අවස්ථාව සලසාගත හැකි ය.

මෙම නවතම ක්‍රියාව විශේෂයෙන් ම අපගේ සිත් ගත්තේ, කාරණා කීපයක් නිසා ය. එකක් නම් ජ්‍යෙතිෂයේ එන ග්‍රහ බලපෑම නම් සංකල්පය ක්‍රියාත්මක වන්නේ ද ස්වභාවික ලෝකයේ තිබෙන මෙම පෝටෝන සම්බන්ධ වීම හරහා ද යන්න මේ ඔස්සේ සිතීම ය. ග්‍රහවස්තුන් අපට ඉතා දුරින් තිබුණ ද මෙම සංකල්පයට අනුව ඒවාහි බලපෑම ඊට සමාන පෝටෝන සහිත මිනිසුන් මත ක්‍රියාත්මක විය හැකි ය. අනෙක් කාරණය නම්, සත්වයා නැවත ඉපදීම පිළිබඳ අදහසයි. බුදුදහමෙහි එන ලෙස සත්වයෙකු මරණින් පසු අන් තැනක නැවත උපදින්නේ කර තිබෙන කුසලකුසල කර්මයන්ට අනුව ය. ඒ අනුව, නැවත උපදින විඤ්ඤාණ ශක්තිය අදාළ මව්කුස සොයා එන්නේ ද පොටෝනයක් තම අනෙත් පොටෝනය සොයාගෙන යන පරිදි ද? මේ අතර, බුදුන් වහන්සේ විසින් ඇතැම් අවස්ථාවල තමන් වහන්සේ ව අන් තැන්වල නිර්මාණය කර පෙන්නීම සිදුකර ඇති බව සඳහන් ය. විශේෂයෙන් ම, සෝපාක සිදුවීම මීට කදිම නිදසුනකි. බුදුන් වහන්සේ තම ආධ්‍යත්මික ශක්කිය යොදා කළේ ද මෙවැනි ටෙලිප්‍රවාහනයක් (teleportation) බව කල්පනා කළ හැකි ය.

මහින්ද පතිරණ

 

Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12071872
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12083148
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9568186
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9471739
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9299155
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'