Logo

මහ බැංකු හොරා හොරකමට වටපිටාව හැදුව හැටි කොමිසමෙන් එළියට



2015 වසරේ ප්‍රධානීන්ගේ දැඩි විරෝධතා මත සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන තීරණ ගන්නා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු ඉන් ඉවත් කොට සමන් කුමාර එහි ප්‍රධානියා බවට පත් කරලීමේ මෙහෙයුම හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ අවශ්‍යතාව පරිදි සිදුවූවක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආනන්ද ජයලත් මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් අනාවරණය කර සිටියේය. 2015 වසරේ සේවක අර්ථසාධක අරමුදලේ අධිකාරිවරයා ලෙසින් කටයුතු කළේ සහකාර අධිපති ජයලත් මහතායි.

මෙම සමන් කුමාර නැමත්තා මීට පෙර අර්ථසාධක අරමුදලේ සේවය කළ සමයේ දී කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී ප්‍රශ්නගත අයුරින් කටයුතු කළ අයෙකු බවට රාවයක් පැතිරගොස් තිබුණු බව ද ජයලත් මහතා කොමිසම හමුවේ කියා සිටියේය. පසුව ඔහුව පරීක්ෂා කිරීමේ අරමුණින් ආයතන ප්‍රධානියා ලෙස ඔහුව සේවක අර්ථසාධක අරමුදලේ අවදානම් කළමනාකරණ අංශයට අනුයුක්ත කළ බව ජයලත් මහතා වැඩිදුරටත් පැවසුවේය.

නමුත් මෙම පත්කිරීම සම්බන්ධයෙන් එවකට මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා තමාට දුරකතනයෙන් බැණ වැදුණු බවත් වහාම සමන් කුමාර සේවක අර්ථසාධක අරමුදලේ ඉදිරිපෙළ කාර්යාලයට අනුයුක්ත කරන ලෙස තර්ජනාත්මක ස්වරයෙන් පැවසූ බවත් ආනන්ද ජයලත් මහතා වැඩිදුරටත් බැඳුම්කර කොමිසම හමුවේ අනාවරණය කර සිටියේය.



Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- නලින් ද සිල්වා
2014-06-18 17:22:53 - 12776758
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12723370
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 10202364
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 10093495
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9921109
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'