Logo

ජනපති බිරිඳ හෝටල් කාමරයකදී ජනප්‍රිය නිරූපිකාවකට පහර දෙයි



දකුණු අප්‍රිකාවේ සිටියදී පහරදීමේ වරදකට චෝදනා ලැබූ සිම්බාබ්වේ රාජ්‍ය යේ ජනපති බිරිඳ වන ග්‍රේස් මුගාබේ එරට ජොහැන්නස්බර්ග් පොලිසිය වෙත ඉදිරිපත් වීමට නියමිතව සිටියදි එය මගහැර නැවතත් සිම්බාබ්වේ වෙත පැමිණ තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ සංචාරක හෝටලයකදි දිගු වයරයක් භාවිත කරමින් තම හිසට ග්‍රේස් මුගාබේ පහර දුන්නේ යැයි 20 හැවිරිදි දකුණු අප්‍රිකානු තරුණියක චෝදනා කර තිබුණා.

එහෙත් මෙම චෝදනාව පිළිබඳ ජනපති බිරිඳ කිසිදු නිල ප්‍රකාශයක් සිදුකර නැහැ. දකුණු අප්‍රිකානු නිරූපිකාවක වන ගේබ්රියල්ලා එන්ගල්ස් නැමැත්තිය තම දරුවන් දෙදෙනා සමග ජොහැන්නස්බර්ග් නගරයේ හෝටල් කාමරයක සිටියදී මෙම ප්‍රහාරයට ලක්වූ බවයි ඇය චෝදනා කර ඇත්තේ.මෙම පහරදීම නිසා ඇගේ හිසට තුවාලද සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ‘‘ඇය එක්වරම මගේ කාමරයට ඇතුළු වුණා. ඇගේ අතේ තිබුණු ප්ලග් එකක් සහිත විදුලි වයරයකින් මට පහර දුන්නා. නොනවත්වා පහර දුන්නා. මගේ හිසට තුවාල සිදුවුණා. හැම තැනම ලේ විසිවුණා.“යැයි මෙම නිරූපිකාව පොලිසියට සහ දකුණු අප්‍රිකානු මාධ්‍ය වෙත පවසා තිබුණා.

Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12077705
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12088953
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9574562
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9477222
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9304100
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'