Logo

එජාපයේ අය මහා සංඝරත්නයට ගරහන්නේ නිකං පිස්සුවට නෙවෙයි-විමල්ගෙන් හෙළිදරව්ව



වත්මන් අාණ්ඩුවේ ඇමතිවරුන් භික්ෂූන්වහන්සේට ‘පිස්සු චීවරධාරියා’ කියමින් ගරහන්නේත් කන්දේ විහාරයේ පිං කැටවලට ඉබ්බෝ දමන්නේත් දඹුලු විහාරයට එන ආදායම පිළිබඳ අසත්‍ය පුවත් මවන්නේත් මෙම ආණ්ඩුව 2015 ජනවාරි 08 වැනිදා භාරගත් ශ්‍රී ලංකා රාජ්‍යය බෙලහීන කිරීමේ බටහිර කොන්ත්‍රාත්තුව ජයග්‍රහණයෙන් කෙළවර කිරීමට නම් මෙරට මහා සංඝරත්නය සතු බලය බිඳීම අත්‍යවශ්‍ය සාධකයක් නිසා යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

කළුතර නගර ශාලාවේදී පැවැති ‘සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව’ ජනතා සම්මන්ත්‍රණ මාලාවේ දසවැන්නෙහි ප්‍රධාන දේශනය පවත්වමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“අපේ මාතෘභූමියේ ඉරණම් කතාව අද අපේ අතින් ලියැවෙනවා වෙනුවට අධිරාජ්‍යවාදීන්ගේ අතින් ලියැවෙමින් තිබෙනවා. මේ කතා කරන වෙලාවේත් යුරෝපා සංගමයේ නියෝජිතයන් 25 දෙනෙකු ඇවිත් මේ රට තුළ සැරිසරමින් ඉන්නවා. මේ අය සෑම මාසයකම 20-25ත් අතර ශ්‍රී ලංකාවට එනවා. ඒ එන්නේ GSP+ බදු සහනය ලබා ගැනීම සඳහා මේ ආණ්ඩුව යුරෝපා සංගමයට එකඟ වූ කොන්දේසි හරි ආකාරව ඉටු කරනවාද, කියා සොයා බැලීමටයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, ජනාධිපතිවරයා සතු හදිසි අවස්ථා නියෝග, අත්‍යවශ්‍ය සේවා නියෝග පැනවීමේ බලය අහෝසි කිරීම (මේ බලයන් පාව්චිචි කරලා තමයි එදා වර්ධරාජා පෙරුමාල් ඊළම ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ උතුරු – නැඟෙනහිර පළාත් සභාව මධ්‍යම රජයට පවරා ගැනීමට රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට හැකි වුණේ.) සමලිංගික විවාහ සිදු කිරීමට නීතිමය ඉඩකඩ හදා දීම, ෆෙඩරල් ව්‍යවස්ථාව සැකසීමේ ක්‍රියාදාමය ක්‍රියාත්මක කිරීම, ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තමන්ට උවමනා ආකාරයට වෙනස් කර ගැනීම ඇතුළු අපේ රටට ඨීඡූ ලබාදෙන විට දමපු කොන්දේසි 54හි ප්‍රගතිය මැන බැලීමටයි මේ සුද්දෝ ටික එන්නේ.

‘නියම රූකඩ ඩබල’

එදා පෘතුගීසින් සීතාවක රාජධානිය තමන්ට උවමනා ආකාරයට නැටවීමට දොන් ජුවන් ධර්මපාල හා නිකපිටිය බණ්ඩාර යන රූකඩ පාලකයන් දෙදෙනා යොදා ගත්තා. අවසානයේදී දොන් ජුවන් ධර්මපාල මියගියේ පාදිලි උන්නාන්සේ කෙනෙක් හැටියටයි. මෙදා ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන් ශ්‍රී ලංකාව පාලනය කරන්න මේ රටේ සිංහාසනය අල්ලා ගත්තේ නැහැ. ඔවුන් සිංහාසනය සඳහා දැම්මා රූකඩ ඩබලක්. ඒ රූකඩ නටවලා ශ්‍රී ලංකාවේ ඉරණම තමන්ට ඕනෙ විදියට ලියවන එකයි අද මේ බටහිර බලවතුන් සිදු කරමින් ඉන්නේ.

‘සරත් ෆොන්සේකා ඇල්ලේ හිමිට ගැරහුවේ ඇයි?’

අද සිදු කරන්නේ බටහිර බලවතුන්ගේ උවමනාව පරිදි ශ්‍රී ලංකා රාජ්‍යය හැම අතකින්ම බෙලහීන කිරීම, රටක් ගිලගැනීමට නම් ඒ රාජ්‍යය හැම අතකින්ම බෙලහීන කරන්න ඕනෙ. ආර්ථිකමය, ව්‍යුහාත්මක, දේශපාලනමය හා සංස්කෘතිමය වශයෙන් මේ රාජ්‍යය බෙලහීන කිරීමේ මෙහෙයුම තමයි අද පණ ගන්වලා තිබෙන්නේ. සරත් ෆොන්සේකා හිටපු යුද හමුදාපතිවරයා වාචාලකමට ඇල්ලේ ගුණවංශ නාහිමියන්ට ‘පිස්සු චීවරධාරියා’ කියා පැවසුවා යැයි හිතන්න එපා. භික්‍ෂූන්වහන්සේට ගරහන්නේ, කන්දේ විහාරයේ පිං කැටවලට ඉබ්බෝ දමන්නේ, දුඹුලු විහාරයට එන ආදායම් ගැන බොරු කතා කියන්නේ, මේ රාජ්‍යය බෙලහීන කිරීමේ ක්‍රියාන්විතය ජයග්‍රහණයේ කෙළවර කරන්න නම් එදා සුදු අධිරාජ්‍යවාදීන් කියූ ‘කහකඩ හමුදාවේ’ බලය බිඳිය යුතු නිසයි. එදා සුද්දා මහා සංඝරත්නය හැඳින්වූයේ ‘කහකඩ හමුදාව’ නමිනුයි. එදා බි්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයකු වූ හෙන්රි එඞ්වඞ් මැකලම් (1907-1913) බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ යටත්විජිත ලේකම්ට අපූරු ලිපියක් ලිව්වා. ‘මේ රටේ කහවත දරන අරුම පුදුම මනුෂ්‍ය කොටසක් ඉන්නවා. උන් රටවැසියන්ගේ මරණෙට, මඟුලට, දුකට, සැපට හැම එකකටම සම්බන්ධ වෙලා කටයුතු කරනවා, උපදෙස් දෙනවා. රටවැසියෝ සංවිධානය කරනවා. මේ කහකඩ හමුදාව ඉන්නකල් අපට මේ රට යටත් කරන්න බැහැ’ කියන අදහසයි එහි අන්තර්ගත වුණේ. එදා සුද්දා දැක්කා, ‘මේ බැඳීම කඩන්නේ නැතිව මේ රට අපට ගිලගන්න බැහැ’ කියලා. පසුව සුද්දා ‘කහකඩ හමුදාවේ’ බලය බිඳින්න නොකළ දෙයක් නැහැ. නමුත් බැරි වුණා. දැන් තමන්ගේ රූකඩ පාලක ඩබල ලවා සුද්දා බලනවා, අපේ මහා සංඝරත්නය සතු සමාජයට බලපෑම් කිරීමේ බලය නැති කරන්න. එහෙම නොකර ඔවුන්ට මේ රට සම්පූර්ණයෙන්ම ගිල ගන්න, ඔවුන්ගේ දඩබිමක්, තිප්පොළක් බවට පත් ගර ගන්න බැහැ, කියලා ඔවුන් දන්නවා.

‘දැනටත් නව ව්‍යවස්ථාව තියෙනවා ගෝඞ් ෆාදර්ලා අතේ’

මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කරලා නව ව්‍යවස්ථාවක් හදනවා කියා මේ ආණ්ඩුව කියනවා. නමුත් හදනවා කීවට ඒක දැන් හැදිලා ඉවරයි. ඒක තියෙනවා, රාජ්‍ය නොවන සංවිධාන මාෆියාවේ ගෝඞ් ෆාදර්ලා අතේ. ‘නව ව්‍යවස්ථාව හදන්න මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කළා. ඒකට මෙහෙයුම් මණ්ඩලයක් හැදුවා. ලබන මාසයේ ඒ මෙහෙයුම් මණ්ඩලයේ කෙටුම්පත පාර්ලිමේන්තුවට (ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට) ඉදිරිපත් කරනවා’ කියා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කියනවා. නමුත් ජනාධිපතිවරයා කියන්නේ ‘කලබල වෙන්න එපා. නව ව්‍යවස්ථාවට අදාළව තව එක වචනයක්වත් හදලා නැහැ’ කියලයි.

‘හදිසි ජනමත විචාරණයක්’

දැන් හැමෝම බලා ඉන්නේ පළාත් පාලන මැතිවරණය තියෙන තුරුයි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියන්නේ ‘විශේෂ හේතුවක් නොතිබුණොත් පළාත් පාලන ඡන්දය 2018 ජනවාරි පළමු සතියේ සෙනසුරාදා හෝ දෙවන සතියේ සෙනසුරාදා පැවැත්විය හැකියි’ කියලයි. මොකක්ද මේ විශේෂ හේතුව? ඒ දිනවල සුනාමියක් ඒවි ද? හේතුව මේකයි. බටහිර රටවල්, දෙමළ ඩයස්පෝරාව හා දෙමළ ජාතික සන්ධානයේ බලපෑම තිබෙන්නේ ‘පළාත් පාලන ඡන්දය පවත්වන්න’ කියලා නොවෙයි. මේ සියලු දෙනා ඉන්නේ ‘ඔය මොන ඡන්දයටත් කලින් ෆෙඩරල් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්දයෙන් සම්මත කළ යුතුයි. ඊට පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ජනමත විචාරණය පැවැත්විය යුතුයි.’ කියලයි.

‘විමල්ගේ අනාවැකිය’

පළාත් පාලන ඡන්දයට ගියොත් හංස පුට්ටුවට බෙදිලා තරඟ කරන්න වෙනවා. නමුත් ‘ෆෙඩරල් ව්‍යවස්ථාව’ සම්මත කර ගන්න පවත්වන ජනමත විචාරණය, එජාපය, ජවිපෙ, මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලනිපය, දෙමළ පක්‍ෂ, මුස්ලිම් පක්‍ෂ හා වතුකරයේ පක්‍ෂ එක මල්ලට දාලා ප්‍රචාරක කටයුතු කරලා, රාජ්‍ය බලය අයථා ලෙස යොදවලා ඡන්ද මංකොල්ල කාලා හරි ජයගන්නයි මේ ආණ්ඩුව උත්සාහ ගන්නේ. මගේ අනාවැකිය ලියාගන්න ‘පළාත් පාලන ඡන්දය නොවෙයි එන්නේ. ජනමත විචාරණයක් තමයි එන්නේ ’ කියලා. නව ව්‍යවස්ථා කෙටුම්පත ලබන මාසය තුළ ගෙන එනවා. මහජන කතිකාවකට, සංවාදයකට වැඩි කාලයක් දෙන්නේ නැහැ. මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් මේ අය ජනමත විචාරණයට එනවා”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12058515
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12068463
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9552535
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9443906
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9272344
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'