Logo

ලලිිත් ජයසිංහ ඇපමත නිදහස්



යාපනය පුංකුඩතිව් ප්‍රදේශයේදී ඝාතනය වූ ශිවයෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනයට සැක කෙරෙන ප්‍රධාන සැකකරුවෙකුට යාපනයෙන් පලා යාමට සහය දුන්නේයැයි සැක පිට අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා අද (13) කයිට්ස් අධිකරණයට  ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ 03 ක මුදල් ඇප මත හා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 04 ක් මත ඇප මත මුදා හැරීමට කයිට්ස් මහෙස්ත්‍රාත් ඒ.එම්.එම්. රියාස් මහතා නියෝග කොට සිටියේය.

විද්‍යා දැරියගේ ඝාතනයට සැකකෙරෙන ඝාතනය සැලසුම් කළ  ප්‍රධාන සැකකරු වූ මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් නැමත්තාට යාපනයෙන් පිටවීමට උතුරු පලාත භාරව එවකට සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වූ ලලිත් ජයසිංහ විසින් උදව් කිරීමේ චෝදනාව මත ලලිත් ජයසිංහ මහතා පසුගිය ජුලි 15 දා සවස අත්අඩංගුවට ගනු ලැබීය.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා අනුරාධපුර රක්ෂිත බන්ධනාගාරයේ සිට රැගෙනවිත් අද (13) දින කියිට්ස් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී කයිට්ස් මහෙස්ත්‍රාත් වරයා විසින් අදාල ඇප මත මුදා හැරීමට නියෝග කොට සිටි අතර එම නියෝගයන්ට අමතරව හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයාගේ නඩුව ලබන දෙසැම්බර් 05 වනදා දක්වා කල් දැමූ අතරම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයාට විදෙස්ගත වීම තහනම් කල අතරම ඒ බව ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දෙන මෙන් නියෝග කොට සිටි අතරම සෑම මසකකම අවසන් සඳුදා උදෑසන 09 ත් උදෑසන 11 ත් අතර කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටිය යුතු බවටද කයිට්ස් මහේස්ත්‍රාත් වරයා නියෝග කොට සිටියේය.

පසුගිය 2015 වසරේ මැයි මස 13 වනදා විද්‍යා දැරිය පැහැරගෙන ගොස් පූංකුඩතිව් ප්‍රදේශයේ කැලෑවක සමූහ දූෂණයකට ලක්ව ඝාතනය කොට තිබූ අතර එහිදී අදාල ඝාතනයට සම්බන්ධ යැයි සැලකෙන සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 181925
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 184973
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 186216
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 226209

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 339111
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15163468
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15020237
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12504614
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12451585
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12298407
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'