Logo

රංගනගේ ලෝක වාර්තාව සමඟින් ලංකාවට පෙරළිකාර ජයක්



ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 21ක තියුණු  ජයක් වාර්ථා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. 

දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 138ක් රැස් කළ අතර සිය පළමු ඉනිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 3කින් ඉදිරියෙන් සිටි පකිස්තාන කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 136ක ඉලක්කයක් හිමි වී  තිබුණි.

නමුත් දෙවැනි ඉනිම ක්‍රීඩා කළ පකිස්තාන කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකි වූවේ ලකුණු 114 ක් පමණි.

දෙවැනි ඉනිමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන්  නිරෝෂන් දික්වැල්ල ලකුණු 39ක් රැස් කළ අතර කෞෂාල් සිල්වා ලකුණු 25ක් රැස් කළේය. රංගන හේරත් කඬුළු 6ක් ලබා ගනිමින් යළිත් වතාවක් පන්දුවෙන් දස්කම් පෑ අතර දිල්රුවන් පෙරේරා කඩුළු 3ක් හා  සුරංග ලක්මාල් 1 කඩුල්ලක් දවා ගනිමින් ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහනයට පාර කපා දුන්නේය. 

පළමුවැනි ටෙස්ට් තරගයේදි රංගන හේරත් කඩුළු 11ක් ලබා ගත් අතර ඒ සමගම ඔහු සිය ටෙස් ක්‍රිකට් දිවියේ 400 වැනි කඩුල්ල හිමි කරගතතේය. වමත් දඟ පන්දු යවන්නකු වශයෙන් ලොව පළමුවෙන්ම මෙම දස්කම දැක් වූ ක්‍රීඩකයා බවට වාර්ථා පොතට එක් වීමට රංගන හේරත්ට අද හැකියාව ලැබුණි. 

දෙවැනි ඉනිම ක්‍රීඩා කළ පකිස්තාන කණ්ඩායම වෙනුවෙන් හැරිස් සොහේල් ලකුණු 34ක් ලබාගත් අතර පන්දු යැවීමේදී යාරිෂ් ශා කඩුළු 5ක් දවා ගත්තේය.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 419ක් රැස් කළ අතර දෙවැනි ඉනිමේදී ලකුණු 138ක් රැස්කළේය. 

ශ්‍රී ලංකාවට පිළිතුරු ලෙස පළමු ඉනිමේදී පකිස්තානය ලකුණු 422ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 114ක් රැස් කළේය.

මේ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මේ වනවිට ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇති  අතර දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ලබන සිකුරාදා (06) දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය.
 

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- නලින් ද සිල්වා
2014-06-18 17:22:53 - 13905744
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 13739370
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11315616
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11204218
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 10997262
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'