Logo

ලාස්වේගාස් ප්‍රහාරය අයි එස් අයි එස් බාරගනී



ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවරට එල්ල වූ ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින්ට අනතුරක් සිදුවී නොමැති බව වාර්තා වේ.

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරල් ස්වර්ණා ගුණරත්න මහත්මිය සඳහන් කළේ අදාල ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින්ට අනතුරක් සිදුවී ඇත්ද යන්න පිළිබඳව තවදුරටත් තොරතුරු ලබාගනිමින් සිටින බවයි.

මෙම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා රැදී සිටි බව කියන "මැන්ඩලේ බේ" හෝටලය තුළ එම අවස්ථාවේ ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු සේවය කර ඇති අතර ඔවුන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති බව ස්වර්ණා ගුණරත්න මහත්මිය සඳහන් කළාය.

අමෙරිකාවේ ලාස්වේගාස් නුවර සංගීත ප්‍රසංගයකට ඔක්තෝබර් පළමු වන දින එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් 59 දෙනෙකු මියගොස් තවත් 527 දෙනෙකු තුවාල ලැබීය.

ලාස්වේගාස් හි "මැන්ඩෙලා බේ" හෝටලයේ 32 වන මහලේ සිට 64 හැවිරිදි ස්ටෙෆන් ෆැඩොක් නැමැති පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව එරට පොලීසිය පෙන්වා දුන්නේය. 

ඔහු විසින් වෙඩි ප්‍රහාර සිය ගණනක් එල්ල කර ඇති බව සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කර තිබේ.

පසුව තුවක්කුකරු ද වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව වාර්තා විය.

ඔහුගේ කාමරය තුළ තිබී ගිනි අවි 10ක් එරට පොලීසිය විසින් සෙයාගෙන ඇත.

මේ අතර මෙම ප්‍රහාරයේ වගකීම තම සංවිධානය භාරගන්නා බවට අයි.එස් සංවිධානය නිවේදනයක් නිකුත් කර ඇති බව විදෙස් මධ්‍ය  වාර්තා කළේය.

ප්‍රහාරකයා මීට මාස කිහිපයකට පෙර ඉස්ලාම් දහම වැලඳගෙන ඇති බවද එම නිවේදනයේ සදහන් වෙයි.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේ අදාළ ප්‍රහාරය අයි.එස් සංවිධානය විසින් සිදුකළ බවට සාක්ෂි කිසිවක් ඉදිරිපත් වී නොමැති බවයි.

 

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 12860603
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12802816
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 10278160
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 10180745
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 10002703
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'