Logo

ට්‍රම්ප් තුන්වන ලෝක යුද්ධයට සැරසෙන බව ඇමරිකානු නියෝජිතයෙක් හෙළිකරයි



 

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමරිකා එක්සත් ජනපදය තුන්වන ලෝක යුද්ධයක් කරා රැගෙන යන්නේ දැයි සැකයක් මතුවන බව ඔහුගේ රිපබ්ලිකන් පක්ෂයේ නායකයෙකු ප්‍රශ්න කරනවා.

ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුවේ සභාපති බොබ් කෝකර් කියා සිටියේ ට්‍රම්ප් සිය ජනාධිපති ධුරය රූපවාහිනී රියැලිටි වැඩසටහනක් ආකාරයෙන් මෙහෙය වන බවයි.

ඔහුගේ මෙම ප්‍රකාශය බලයේ සිටින ඇමරිකානු නායකයෙකුට තම පක්ෂයෙන් එල්ල වූ ප්‍රබල විවේචනයක් ලෙසයි සැලකෙන්නේ.

බොබ් කෝකර් මීට පෙර ට්‍රම්ප් පරිපාලනයේ රාජ්‍ය ලේකම් ධුරයට පවා නම් කෙරුණු දේශපාලනඥයෙක්.

ඔහු සඳහන් කළේ ජනපති ට්‍රම්ප්, න්‍යෂ්ටික අවියෙන් සන්නද්ධ උතුරු කොරියාව සමඟ අඛණ්ඩ ගැටුමක නිරතවීම තුන්වන ලෝක යුද්ධයක් කරා ඇමරිකාව යොමු කළ හැකි පියවරක් බවයි.

මේ අතර උතුරු කොරියානු අර්බුදය විසඳීම සඳහා වසර 25 ක් තිස්සේ දැරූ රාජ්‍ය තාන්ත්‍රික උත්සහයන් අසාර්ථක වී ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.

මේ නිසා දැන් ඉතිරිව ඇත්තේ එක් විසඳුමක් පමණක් බවයි ට්විටර් පණිවුඩ මගින් සිය අදහස් පළ කරන ඇමරිකානු නායකයා කියා සිටියේ.

කෙසේවෙතත් එම විසඳුම කුමක් ද යන්න ඔහු හෙළිකර නැහැ.

උතුරු කොරියාව සමග අත්සන් කළ ගිවිසුම්වල තීන්ත වියලීමට පෙරම ඔවුන් ඒවා උල්ලංඝනය කරනු ලබනවා.

මේ නිසා ඔවුන් සමග තවදුරටත් සංවාදයක නිරතවීම ඵල රහිත බව ජනපති ට්‍රම්ප් අවධාරණය කළා.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික සහ මිසයිල අත්හදාබැලීම් නතර කිරීම සඳහා හමුදා බලය යෙදවීම ප්‍රතික්ෂේප නොකරන බව ඔහු මීට පෙර සඳහන් කර තිබෙනවා.

එහිදී ඔහු තර්ජනය කළේ උතුරු කොරියාව මුළුමනින්ම විනාශ කරන බවටයි.

එසේම ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර වෙරළට පතිත කළ හැකි දිගුදුර මිසයිලයක් අත්හදා බැලීමට උතුරු කොරියාව සැරසෙන බව වාර්තා වනවා.

ඒ බව හෙළි වී ඇත්තේ පසුගිය දා උතුරු කොරියාවේ සංචාරයක නිරත වූ රුසියානු පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර සබදතා කමිටුවේ සාමාජික ඇන්ටන් මොරසොෆ්ගේ නිරීක්ෂණවලින්.

උතුරු කොරියාව නව දිගු දුර මිසයිලයක් අත්හදා බැලීමට සූදානම් වන බවත්, එය ඇමරිකාවේ බටහිර වෙරළට පතිත කළ හැකි බවට සංඛ්‍යාත්මක සමීකරණ පවා ඔවුන් ඉදිරිපත් කළ බවත්, ඔහු කියා සිටියා.

මේ අතර, ඇමරිකානු සී.අයි.ඒ. ඔත්තු සේවාවේ විශ්ලේෂකයෙකු මීට පෙර සදහන් කළේ ඔක්තෝම්බර් 10 වන දා උතුරු කොරියාව යම් ආකාරයක ප්‍රකෝපකාරී අත්හදා බැලීමක් සිදුකළ හැකි බවයි.

උතුරු කොරියානු කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ සංවත්සරය යෙදී ඇත්තේ ඔක්තෝම්බර් 10 වන අද දින වීම ඊට හේතුවයි.

Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12106287
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12117730
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9606170
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9512340
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9340903
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'