Logo

ලංකාවේ සංහිඳියා බලකාය නොදැක්ක බ්‍රිතාන්‍ය මන්ත්‍රී



ශ්‍රි ලංකාව එරෙහිව ප්‍රකාශ කොට ඇති අසත්‍ය යුධ අපරාධ චෝදනා අමෙරිකා එල්සත් ජනපදය හා එක්සත් රාජධානිය විසින් ඉවත් කර ගත යුතු බව බ්‍රිතාන්‍යයේ කොන්සවේටිව් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි බැරන් නෙස්බි (Michael Morris, Baron Naseby) අවධාරණය කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේ මානව හිමිකම් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ තිබුණු විශේෂ සැසිවාරයක් ආමන්ත්‍රණය කරමිනි.

“දරුස්මාන් වාර්තාව හරහා ශ්‍රි ලංකාවට යුධ අපරාධ එල්ල වෙලා තියනවා. එම චෝදනා එල්ල වුණේ යුද්ධය අවසන් වෙලා වසර දෙකකට පස්සේ. මේ වාර්තාවෙන් කියනවා සිවිල් වැසියන් 40,000ක් මියගියා කියලා. කොපමණ සංඛ්‍යාවක් මිය ගියාද කියලා සාක්ෂි නෑ. මේ සංඛ්‍යා ඉදිරිපත් කරන්නේ මානවහිමිකම් සංවිධාන හා දෙමළ ඩයස්පෝරාවේ අය. මොවුන් බොහෝ දෙනෙක් එල්ටීටීඊ සංවිධානයේ ආධාරකරුවන්. ඔවුන් එම සංඛ්‍යා ඉදිරිපත් කරන්නේ හිටපු අගමැතිවරයාගේද උදව්වෙන් චැනල් ෆෝ නාලිකාව කළ Killing Field කියන වාර්තා චිත්‍රපටය නිසා. ශ්‍රි ලංකාව එක්සත් ජාතින්ගේ නියමෙන් සිදු කළ ප්‍රසිද්ධ නැති වාර්තාවක් මට හම්බවුණා. ඒකේ සඳහන් වෙනවා 2008 සිට 2013 මැයි වෙනතෙක් මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 7721 ක් කියලා. එක්සත් ජාතින්ගේ හිටපු නියෝජිතයා ප්‍රකාශ කළා 2009 වසරේදි 7000ක් මිය ගිහින් කියලා. ඒවගේම ඔහුගේ අධ්‍යනයේදි ඔප්පු වෙලා නැහැ ලංකාවේ හමුදාව සිවිල් වැසියන් ඝාතනය කළා කියලා. ඒවගේම බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය කරපු අධ්‍යනයක් මගින් ප්‍රකාශ කරලා තියනවා. ශ්‍රි ලංකාවේ හමුදාව සිවිල් වැසියන් ඉලක්ක කරගෙන බර අවි හෝ කාල තුවක්කු ප්‍රහාර එල්ල කරපු එකට සාක්ෂි නැහැ කියලා. ශ්‍රි ලංකා රජය දෙමළ සිවිල් වැසියන් ඝාතනය කරලා නෑ. මේ පාර්ලිමේන්තුවට මම කියනවා බ්‍රිතාන්‍ය මේ සත්‍ය තත්ත්වය කෙරෙහි අවධානය යොමු කරන්න කියලා. ඒවගේම ජිනිවා හී මානවහිමිකම් කවුන්සිලයට දන්වන්න මිය ගිය ගණන 7000ක් 8000ක් මිසක් 40,000ක් නොවන බව.”

“බ්‍රිතාන්‍යය රජය දැන ගන්න ඕන මේක එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව කරපු යුද්ධයක් මිස දෙමළ ජනතාවට එරෙහිව කරපු යුද්ධයක් නෙමෙයි කියලා. මම හිතන්නේ අමෙරිකා එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍ය මූලික වෙල ශ්‍රි ලාංකික ජනතාව හා එහි ආයකයින් පිට පටවලා තියන යුධ අපරාධ චෝදනා වලින් ඔවුන් නිදහස් කරන්න ඕන,” මන්ත්‍රිවරයා පවසා සිටියා.

දැන්වීම්
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 229
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 13816
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 261606
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 265668
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 267062
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15557840
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15420671
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12891912
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12836654
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12685196
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'