Logo

නව ව්‍යවස්ථාව නවත්වන්නේ නෑ-මල්වතු අස්ගිරි උභයවිහාරික සංඝ සභාවට රනිල්ගෙන් පිළිතුරක්



යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් අප මේ වන විට ජනතා අදහස් ලබා ගනිමින් සිටිනවා.  ව්‍යවස්ථාව සැකසීමේ කටයුතු ඉදිරියට සිදුකරගෙන යාම පිළිබදව අප එලැඹෙන සතියේ දී විවාදයක් පැවැත්වීමට සූදානම් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ  ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය ඇතුළු ආයතන තුනක් විසින් සිදුකළ සමීක්ෂණයේ වාර්තාව පිළිගැන්වීමේ අවස්ථාවට එක්වෙමින් අද (19) දින පාර්ලිම්න්තු සංකීර්ණයේ දී අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය. 

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අගමැති වරයා, 

එම විවාදයෙන් පසුව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහජනතාවගෙන් අදහස් විමසන අවස්ථාවේ දී ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස් ඇතුළත් අද මේ ලබාදුන් වාර්තාවත් අපි ප්‍රයෝජනයට ගන්නවා. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව පිළිබදව මෙවැනි වාර්තාවක් මට ලබාදීම පිළිබදව ඔබට ස්තුතිවන්ත වනවා. 

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇතමුන් ජනතාව නොමග යවමින් සිටින බව මේ පිළිබදව හැදින්වීමක් කරමින් ඔබ තුමන්ලා චෝදනා කළා. එසේනම් ජනතාව නොමග යවන්නේ කවුරුන්ද? 

මෙම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මල්වතු මහනාහිමියන් ප්‍රකාශයක් කළා යැයි සදහන් කරමින්, එම නාහිමියන්ගේ ඡායාරූපය සහිතව සියලුම පුවත්පත් සහ අනෙකුත් මධ්‍යවල ප්‍රවෘත්ති පළකර තිබෙන බව මම අද දුටුවා. 
නමුත් ඒ පිළිබඳ විමසීමට මම මල්වතු මහනාහිමියන් සම්බන්ධ කර ගත් අවස්ථාවේ දී  එවැනි ප්‍රකාශයක් කිරීමට තබා තමන් වහන්සේ මේ දිනවල දිවයිනේවත් නොමැති බව නාහිමියන් වහන්සේ මා සමග පවසා සිටියා. එසේ නම් එවැනි ප්‍රවෘත්තියක් හෝ ඡායාරූපයක් මධ්‍ය  තුළ පළවන්නේ කෙසේද?

එය මධ්‍ය මගින් ජනතාව නොමග යැවීමක් නොවේ ද? මීට පෙර අවස්ථාවක දී මල්වතු මහනාහිමියන් වහන්සේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් උන්වහන්සේගේ මතය ඉතා හොඳින් හෙළිකර තිබුණා. 

තවමත් ව්‍යවස්ථාවක් නිර්මාණය කර නොමැති බවත්, එය පවතින්නේ සාකච්ඡා මට්ටමේ බවත්, මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාත් අග්‍රාමත්‍යවරයා වන මමත් පවසන අදහස් පිළිගන්නා බව ද මහ නාහිමියන් එහිදී පැවසා තිබුණා. 

මල්වතු මහනාහිමියන් පක්ෂව හෝ විපක්ෂව අදහසක් පලකරනවා නම් එය ඔබේ මාධ්‍ය  තුළ පළකිරීමේ කිසිදු ගැටළුවක් නැහැ. නමුත් උන් වහන්සේ එවැනි ප්‍රකාශයක් නොකර, දිවයිනේවත් නොමැති අවස්ථාවක මෙවැනි අසත්‍ය ප්‍රවෘත්තියක් පළකරන්නේ ඇයි දැයි මම මේ රටේ ජනමාධ්‍ය ආයතවලින් විමසීමට කැමතියි. 

මාධ්‍ය ආයතන කැඳවා ඒ ආයතනවල මාධ්‍යවේදීන් ඉදිරිපිට මේ පිළිබඳව විමසන විට ඒ වෙනුවෙන් ඔබ ලබාදෙන පිළිතුර කුමක්ද? කිසිවෙකුත් සෘජු පිළිතුරක් ලබාදුන්නේ නැහැ. ඔබට හැකි නම් මගේ මෙම ප්‍රදර්ශන කිරීම අද දහවල් වන විට ඔබේ මාධ්‍ය තුළ පළ කරන්න යැයි මම ඉල්ලා සිටිනවා. 

මගේ ප්‍රකාශය ඔබ පුවත්පත් ආයතන පළ කරන්නේ පළමු පිටුවේ ද? නැතිනම් අවසන් පිටුවේ ද? යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වෙනත් පාර්ශ්වයන්ගේ අදහස් ඔබ ප්‍රචාරය කරනවා නම් රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස ඒ සම්බන්ධයෙන් වන මගේ අදහසටත් ඔබ මාධ්‍ය මගින් ඉඩ ලබාදිය යුතුයි. 

මල්වතු මහනාහිමියන් රටේ වැඩ නොසිටින අවස්ථාවකත් ඔබ මෙවැනි අසත්‍ය ප්‍රවෘත්තියක්, ප්‍රධාන පුවතක් ලෙස පළ කරා නම් රට තුළ සිටින මගේ අදහසත් ඔබ ආයතනය තුළ පළ කළ යුත්තේ ප්‍රධාන පුවතක් ලෙස නොවේ ද? 

මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී මා දැක්වූ අදහස් ගුවන් විදුලි සහ රූපවාහිනී නාළිකාවලත් විකෘති කිරීමකින් තොරව පළ කරන බවට ඔබට පොරොන්දු විය හැකිද? 

ජනතාව අපට වරමක් ලබා දී තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ මධ්‍ය මගින් ජනතාව නොමඟ යවමින් ඔබ සිදු කරන මාධ්‍ය සෙල්ලම කුමක්ද? මේ  මාධ්‍ය ජනතා වරමට අනුව ක්‍රියා නොකරන ලෙස අපට බලකරනවාද? 

රාජපක්ෂ රෙජීමයට කාලයක් පුරා කඩේ ගිය මාධ්‍ය  ආයතනවලින් මම ඉල්ලා සිටින්නේ මේ සෙල්ලම නතර කරන ලෙසයි. 

 

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 27965
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 28851
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 31436
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 71320

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 132955
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14463689
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14296037
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11867137
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11747241
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11553291
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'