Logo

අරුම පුදුම ශාක ‍ලෝකය



 

මීට කාලෙකට කලින් සහරාව කියන්නේ දැවැන්ත වනාන්තරක්. කාලගුණරටා වෙනස් වෙලා සහරාව කාන්තාරයක් වෙන්න පටන් ගන්නේ වසර 5000කට විතර කලින්.

මේ කාලෙම සහරාවට කිලෝමීටර දහස් ගානක් ඈත උතුරු ඇමරිකාවේ වර්ථමාන කැලිෆෝනියාවේ පුංචි පයිනස් ගහක් පැලවෙනව.

මේගහ ක්‍රමයෙන් වර්ධනය වෙන අතරතුර මිනිස් ශිෂ්ටාචාර ගොඩනැඟීම්, බිඳවැටීම්, දරුණු යුද්ධ, ලෝක යුද්ධ 2ක්ම ඇතිවෙනව.

ඉතින් මේ පුංචි පැලේ පැලවෙල වසර 5000කට විතර පස්සෙ මේ පැලේ හඳුන්වන්නේ "පෘථිවියේ ඇති පැරණිම සජීවී තනි ශාඛය" විදිහට. මේතමා බ්‍රිසල් කෝන් පයිනස් ශාඛය.

වාර්ශික වලලු ක්‍රමය හා මියගිය කොටස් වල කාබන් නිර්ණය හා තවත් ක්‍රම කිහිපයක් පාවිච්චි කරල මේ ගහේ වයස වසර 4845ක් කියල හොයාගෙන තියෙනව.

එයා ලෝකෙ පරණම තනි ශාඛය උනාට පරණම ජනපද ශාඛය නම් මෙයාවගේ දහස් වතාවකටත් වඩා පරණයි.

ජනපද ශාක නැත්තං කොලනියල් කියන්නේ මුල්වලින් වර්ගයා බෝකරගන්න ගස් වලට. ලඟින් ලඟින් පැලවෙන නිසා දැවැන්ත කොලනියක් බිහිකරන්න පුළුවන් මෙයාලට.

දැනට තියන වයසම කොලනිය අවම වශයෙන් වසර 80,000ක් "දි පැන්ඩො" කියන ශාක ජනාවාසය. මේකේ තියෙන්නෙ ඇස්පන් කියන ශාක විශේෂය. පිහිටල තියෙන්නෙ ඇමරිකාවෙ.

දවසක් මං සිරස ලක්ශපති බලනකොට ඒකේ අහපු එක ප්‍රශ්නයක් තමා,

"ලොව විශාලතම ජීවියා කව්ද?"

උත්තරේ දුන්නේ හා පිලිගත්තෙ නිල්තල්මසා උනාට ඒක වැරදි. නිල්තල්මසා උත්තරේ වෙන්න නම් අහන්න තිබ්බේ ලෝකෙ ලොකුම සත්වයා කව්ද කියල.

ලෝකෙ ලොකුම ජීවිය නම් දිලීර විශේෂයක්. Honey Fungus වර්ගයක් වෙන මේක වර්ගකිලෝමීටර 9.6ක් තරම් පැතිරෙනව. හැබැයි මේක පැතිරෙන්නේ ඊට උඩින් තියන ගස් මරාදමමින්.

අනික මේ හතු වර්ගෙ ලොකුම ජීවිය නොවුනත් නිල්තල්මසාට වඩා ලොකු ගස් වරග තියෙනව.

"ජෙනරාල් ශර්මන්" කියන නමින් හදුන්වන රෙඩ්වුඩ් වර්ගයේ ශාකය ලොව විශාලතම ශාකය ලෙස හඳුනාගෙන තියෙන්නෙ. මේක ඝන මීටර් 1487ක් තරං ලොකුයි. අනුමාන කරන විදිහට නම් මේකේ ස්කන්ධය ටොන් 2000කට ආසන්නයි.

ලෝකෙ උසම ගහත් රෙඩ්වුඩ් කුලයේ එකක්. දැනට වාර්තා වෙන උසම ගහ Hyperion කියන ගහ. මේක මීටර් 115ක් උසයි. මේකිව්ව ගස් දෙකම ඇමරිකාවේ කැලිෆෝනියාවේ තියෙන්නෙ.

ගැඹුරටම මුල් විහිදෙන්නෙ Wild Fig කියන ගහෙන්. මං හිතන්නේ මේ නුග වර්ගයක් වෙන්න ඕන. මේක උපරිම ලෙස මීටර් 120ක් ගැඹුරට මුල් විහිදෙන බවයි හොයාගෙන තියෙන්න.

මහතම ගහ බෙඕබැබ් ගහක් කියලයි ගොඩක් අය හිතන්නේ. හැබැයි මහතම ගහ Arbol Del Tule කියන ගහ. මේකේ වර්ගෙනම් දන්නෑ හැබැයි මේකේ වටප්‍රමාණය මීටර් 9ත් 11ත් අතර.

ශාක පෘථිවිය මත පැතිරෙන්න අරං දැනට වසර මිලියන 385ක් විතර වෙනව.

ග්‍රහලෝකයක වායුගෝලයේ ඔක්සිජන් නිදහසේ තියෙන්නෙ නෑ මොකද ඔක්සිජන් ඉක්මනින් කා එක්ක හරි ප්‍රතික්‍රියා කරල වායුගෝලයෙන් ඉවත්වෙන නිසා. ඒනිසා පෘථිවි වායුගෝලයට නිරන්තරයෙන් ඔක්සිජන් සැපයුමක් තියෙන්න ඕන. ඒකාර්‍යයෙන් 30%ක් 40%ක් විතර කරල දෙන්නේ ශාඛ. ඉතුරු 60%ත් 70%ත් අතර කොටස ලබාදෙන්නේ මුහුදු ප්ලවාංග.

ලෝකයේ වැඩිම ගස් ප්‍රමාණයක් තියන වනාන්තරය රුසියාවේ මහා ටයිගා වනාන්තරය. පෘථිවිය වටේ 1/3ක දුරක් විහිදෙන ටයිගා වනාන්තරයේ තියෙනවා සියලුම වැසි වනාන්තර වලතියන ගස් ගානටත් වඩා කේතුධර ගස්!

©Rezor Kenway
Stardate 2017.30.3

Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12106305
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12117730
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9606196
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9512377
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9340906
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'