Logo

ඒකාබද්ධයේ "ඌරා" කවුද?-මහින්ද



මහින්ද රාජපක්‍ෂ බලවේගය අගෝස්තු 17 සැලසුමට හසුවීම නැවත වරක් අලුත් වටයකින් ක්‍රියාත්මක වීම ගැන බුකියේ සරණ ඔබට අමුතු දෙයක් නොවේ. එවැනි පැහැදිළි කුමත්‍රණයක් ඇත. එය සත්‍යකි. මේ පිළිබඳ අප අවදියෙන් සිටිය යුතු අතර ඊට එරෙහි ව ක්‍රියා කළ ද යුතු ය. දැන් නැවත වරක් "පක්‍ෂ කැඩීම" හා ඒ හරහා "එජාපයට උදව් දීම" යන ප්‍රලාපය මතු වී ඇති අතර, ආණ්ඩුවේ සිටිමින් හා එජාපයට ආණ්ඩුව පවත්වා ගැනීම තම කොන්දේසි විරහිත සහාය දෙන අතර මෙවැනි ප්‍රලාප කීම එහි විහිළුව වී තිබේ. මුලින් ම කිය යුත්තේ එජාපයට උදව් කළ යුතු නැති නම් පළමුවෙන් ම සිරිසේන කණ්ඩායම කළ යුත්තේ ආණ්ඩුවෙන් එළියට ඒම බව ය.

ඉහත සැලසුමෙහි මතුපිට ආත්මාර්ථකාමී අරමුණු කීපයක් මෙන් ම සූක්‍ෂම දේශපාලන අරමුණක් ද තිබේ. මතුපිට පළමු අරමුණ නම් සිරිසේන පරාජයෙන් බේරා ගැනීම ය. ඔහු ද දිනන බලවේගයේ කොටස්කරුවෙකු බව පෙන්වීම ය. ආණ්ඩුවේ ඉහළ උපදේශකයින්ගේ අදහස වී තිබෙන්නේ, සිරිසේන දුර්වල වුවහොත් ආණ්ඩුව පවත්වාගෙන යාම පක්‍ෂ දෙකට ම දුෂ්කර වනු ඇති බව ය. මන්ද ඔහු ආණ්ඩුවේ දේශපාලන වෙස්මුහුණ නිසා ය. ඒ අනුව, එජාපය සිරිසේනට ප්‍රකාශ කොට ඇත්තේ, එජාපයට තවදුරටත් ඔහු වෙනුවෙන් පෙනී සිටීම සිරිසේනගේ ප්‍රතිරූපයට ම හානිකර බව ය. සිරිසේන ව ආණ්ඩුවේ වෙස්මුහුණ ලෙස භාවිතයට ගැනීමට නම් ඔහු ආණ්ඩුවේ සිටින අතර ම ආණ්ඩුවට එරෙහි බව ද ගැලරියට පෙන්විය යුතු බව යෝජනා වී ඇත. එය තවදුරටත් තීව්‍ර කිරීම සඳහා පක්‍ෂ දෙකේ ම පහළ මට්ටමේ මැති ඇමතිවරුන් ලවා ව්‍යජ ගැටුමක් නිර්මාණය කළ යුතු බව ප්‍රකාශිත ය. කලින් කලට එන සිදුවීම්වලට දක්වන ප්‍රතිචාරය හරහා එය කිරීමට නියමිත ය. මේ දිනවල සමස්ත අයවැයේ විනාශකාරි බව හා ජනතාවට පැටවෙන බදුබර සැඟවීම සඳහා බියර්වලට දෙන සහනය මතුපිටට ගෙන ඊට විරෝධය පෑම මීට නිදසුනකි.

මේ අනුව, සාකච්ඡා වී ඇත්තේ, සිරිසේන තම හීන වූ ශක්තිය ඒකාබද්ධ විපක්‍ෂයේ ජනබලය හරහා ම නිර්මාණය කරගත යුතු බව ය. එහි දී මෙම සැලසුම්කරුවන්නේ අදහස වී ඇත්තේ, එවැනි තත්වයක් නිර්මාණය කර ගැනීම සාර්ථක වුවහොත්, විපක්‍ෂයේ මෙන් ම ආණ්ඩුවේ ද ජනමතය එක මිටට තමා වෙත ගත හැකිවන බවයි. එහි දී ආදළ සැලසුම්කරුවන් උදාහරණයට ගෙන ඇත්තේ දැනට පාර්ලීමේන්තුවේ තිබෙන ආණ්ඩුව ද විපක්‍ෂය ද එකක් වීම පිළිබඳ තත්වයයි. ඒ අනුව, මහින්ද බලවේගය තුළට සිරිසේන හරහා තමාට රිංගා ගැනීමට හැකි වීම තම ඉදිරි කටයුතුවලට විශාල රුකුලක් වන බව ද ප්‍රකාශ වී තිබේ.

මෙහි දේශපාලන ක්‍රියාකාරි සැලැස්ම මේ ය. එනම් පොහොට්ටුව යටතේ තරඟ කරනු වෙනුවට මහින්ද බලවේගය තුළට සිරිසේනගේ ලැයිස්තුව ද ඇතුළත් කොට වෙනත් නමක් හා ලකුණක් ඔස්සේ තරඟ කොට ජයග්‍රහණයෙන් පසු අ‍ගෝස්තු 17 කළ පරිදි ම සිරිසේනගේ පිරිස ඉන් ඉවත් කර ගැනීම ය. එවිට එජාපයට තනි ප්‍රාදේශීය හා නගර සභා පිහිටුවා ගැනීම කිරිකජු වේ. එහි දී අදාළ පුද්ගලයින්ට තරඟ කළ සංධානයේ ඉවත් වීම ද ගැටළුකාරි නොවේ. මන්ද ඔවුන් මහින්ද යටතේ පමණක් නොව සිරිසේනට යටතේ ද ජනතාව අතරට ගොස් ඇති හෙයිනි.

මේ අතර, ඉහත බලවේගය ජයග්‍රහණය කළ විට ඊට සිරිසේන ද පීතෘත්වය සැපයීම හරහා එය ව්‍යවස්ථා විරෝධී ජනවරමක් හෝ මහින්දවාදී ජනවරමක් නොව, තමාට ද ලැබුණු ජනවරක් බව රටට හා ලෝකයට කිය‍ා එය ම නව ව්‍යවස්ථා කෙටුම්පත ජයග්‍රහණය කරවීමට යොදා ගැනීම සැලසුම වී තිබේ. ඌරාගේ මාළු ඌරාගේ ම ඇ‍ඟේ තබා කැපීම සඳහා ආණ්ඩුවේ උෟරෙකු වීමට ඒකාබද්ධයේ කිසිවෙකු සූදානම් ද?

Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12116151
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12127701
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9615357
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9522052
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9349986
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'