Logo

මංගල සිරිසේනගේ උපදෙස් පිළිපදින්නෑ-ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි



බීර සම්බන්ධයෙන් ඉදිරිපත් වූ බදු සංශෝධන සිදු කිරීමට පෙර මුදල් අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාගේ, අග්‍රාමාත්‍යවරයාගේ හෝ අදාළ පාර්ශ්වවල අදහස් විමසුවේද යන්න පිළිබඳ සැක මතුවන බව රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.

 

අද(14) කොළඹදී මාධ්‍ය හමුවක් උන්වහන්සේ බව ප්‍රකාශ කර සිටියේය.

 

ලංකාව තුළ සැර මධ්‍යසාර පානය කරන පුද්ගලයින් සිටින්නේ ඉතා සුළු ප්‍රමාණයක් වන බැවින් බීර සඳහා ඇති මිල ගණන් අඩු කිරීම තුළින් කිසි විටෙකත් මත්පැන් පානය වැළකෙන්නේ නොමැති බව ද උන් වහන්සේ පවසයි.

 

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ හෝ වෙනත් කිසිදු වගකිව යුත්තකුගේ උපදේශයක් නොමැතිව මුදල් අමාත්‍යවරයා මේ සිදු කර ඇති  ක්‍රියාව කිසිසේත් අනුමත කළ නොහැකි බව ද ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේය.

 

එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කරනු ලැබූ වගකීමක් ලෙස ජාතික ප්‍රතිපත්ති අනුව දුම්කොළ, මධ්‍යසාර නිෂ්පාදනයට තීරු බදු සහන ලබා නොදෙන බව දක්වා තිබිය දීත් අයවැය සහනයක් ලෙස බීර මිල ගණන් අඩු කර ඇතැයි පූජ්‍ය කොටපොළ අමරකිත්ති හිමියන් පවසයි.

 

කසිප්පු වැනි සැර මධ්‍යසාර වෙනුවට බියර් පානය කිරීම මුදල් අමාත්‍යවරයා මෙම ක්‍රියාවලිය තුළ අනුමත කර ඇති බව ද උන්වහන්සේ කියා සිටියේය.

දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 4533
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 34008
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 310863
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 345209
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 604975
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16004857
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15889981
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13336444
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13278275
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13144434
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'