Logo

බුදුහිමි බාහුවේ කොටාගෙන ආණ්ඩුවෙන් ලක්ෂ අටක වන්දියක් ගත් බ්‍රිතාන්‍ය කත



බුදුරජාණන් වහන්සේගේ රුව සහිත පච්චයක් කොටා සිටි බවට චෝදනා කරමින් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් පොලීසිය මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

 

ඒ අනුව අදාළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවට රුපියල් ලක්ෂ 8ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද(15) නියෝග කළේය.

 

අදාළ  බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ  ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළ බව වාර්තා වේ.

 

සිය බාහුවේ බුදු රුවක් සහිත පච්චයක් කොටගෙන පැමිණීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළේදී 

2014 වසරේදී  ඇය අත්අඩංගුවට ගනු ලැබීය.

 

එසේ අත්අඩංගුවට ගෙන තිබුණේ බ්‍රිතාන්‍ය ජාතික නාඔමි මිචෙල් කොල්මන් නමැති කාන්තාවකි.

 

අනිල් ගුණරත්න, ඊවා වනසුන්දර සහ නලින් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අගතියට පත් කාන්තාව වෙනුවෙන් රජයෙන් රුපියල් ලක්ෂ 5ක් සහ අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනාට රුපියල් 50000 බැගින් වන්දි ගෙවන ලෙසද නියෝග කළේය.

 

එමෙන්ම නඩු ගාස්තුව ලෙස රුපියල් ලක්ෂ දෙකක් ද ගෙවන ලෙසද ශ්‍රී ලංකා රජයට නියම කෙරිණි.

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 182168
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 185203
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 186413
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 226477

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 339618
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15179259
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15035231
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12519472
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12466441
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12313106
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'