Logo

අම්මගේ බෙල්ල හිරකර අතේ හිටිය බිළිඳිය උදුරගෙන ගිහින් වතුර බැරල් එකක ඔබා මරාදාලා



මාස දෙකක් පමණ වයැසති සිඟිත්තියක මවගෙන් උඳුරාගෙන ගොස් වතුර පිරවූ බැරලයක් තුළට දමා ඝාතනය කර ඇත.

ඊයේ(26) සවස 6.30 ට පමණ මෙම අවාසනාවන්ත  සිද්දිය වී ඇති අතර මිය ගොස් ඇත්තේ  ඒ. සියුම් සාධන නමැති මාස දෙකයි දින 21ක් වයසැති කතරගම වල්ලිමාතා ගම පදිංචිව සිටි සිඟිත්තියකි.

ඊයේ සවස ත්‍රි රෝද රියකින් පැමණි නාදුනන පුද්ගලයින් දෙදෙනකු නිවස තුළට ගොස් දැරියගේ මවගේ බෙල්ල අල්මාරියට තබා තද කර දැරිය පැහෙරගෙන ගොස් ඇත.

සිද්ධිය වන අවස්ථාවේදී දැරියගේ පියා පන්සලට ගොස් සිට ඇති අතර දැරියගේ මිත්තනිය සහ සීය බෙහෙත් ගැනීමට ගොස් සිට ඇත.

දැරිය පැහැර ගෙන යාමෙන් අනතුරුව ‍අසල්වැසියන් සමග එක්ව පාරේ සහ වට පිටිවේ  සොයා ඇති අතර අලුතින් ඉදිකරමින් පවතින නිවස ඉදිරිපිට තිබුණු වතුර පුරවපු බැරලයක් තුළ දමා තිබියදි දැරියගේ මළ සිරුර හමු වී ඇත.

සිද්ධියට හේතුව මේ තාක් අනාවරණය වී නොමැත.

මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා 
හම්බන්තොට මහ රෝහලට බාර දී ඇත.
 

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 46040
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 47126
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 49299
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 88584

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 153443
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14500635
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14333285
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11907055
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11784826
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11587527
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'