Logo

මහින්ද මෛත්‍රී එකතු උනොත්?-සම්පත් අතුකෝරල



සිදුවෙන සියලු දේ සම්පත් අතුකෝරල මන්ත්‍රීතුමා සාරාංශ කරන්නේ මෙහෙමයි. හදවතෙන්මේ නොව මහපොළවේ කරුණු සමග ලියන මේ සටහන නිකංම ' සිරිසේන එක්ක එකතු වෙනවනම් අපි නෑ' කියන හැගීමබර ප්‍රකාශයක් නොවේ. සියලු කරුණු සමග කොන්දේසි විරහිතව එකග වෙමි.

මේ ජන්දෙන් ආන්ඩුව වෙනස් කරන්න බෑ.හැබැයි ජනමතය ට පයින් ගහලා මහින්ද මහත්තයා දාලා පැනපු උන් අද වැටිලා ඉන්න තැන පෙන්න්නලා එජාප හවුල් ආන්ඩුව ට එරෙහිව ගමේ ජනමතය පෙන්නන්න පුලුවන් ..
01)අපි හදපු අපේක්ෂක ලැයිස්තුව ට සිරිසේන කල්ලියේ උන් රිංගෙව්වාම ඒ ගමේ මහින්ද මහත්තයා වෙනුවෙන් කැප උන මිනිස්සු අනිවාර්යයෙන් විරෝධය පානවා..අවසන් ප්‍රතිඵල ය ඒ කොට්ටාශ පරදින එක..ගමේ අපි එක්ක වැඩ කල මිනිස්සු ඒ දාන අපේක්ෂකයට විරෝධය පාන කොට එයාට ජන්දය දෙන්න කියන්න අපිටත් ගමට යන්න බැරි වෙනවා..
02)පාර්ලිමේන්තු මැතිවරණයේ සිරිසේන කල්ලියේ උන් පරදින කොට පහල ඉන්න කවුරු හරි දිනුවා.ඒත් මේ කොට්ටාශ වලින් අපේ ජන්ද ටික ජන්දපොලට ගේන්න බැරි උනාම හෝ උන් විරුද්ධව ජන්දෙ දුන්නා ම ඒ කොට්ටාශ පරදින වා.එතකොට සබාව පරදිනවා.
03) අපි ඒ කොට්ටාශ වලට ගිහින් අපේ මහින්ද වාදී මිනිස්සු න්ට ඒ අපේක්ෂකයට ජන්දෙ දෙන්න කියලා කියන්න බැරි උනාම ආන්ඩුවේ ඉන්න සිරිසේන ගේ ඇමති වරු ඇවිත් ඒ කොට්ටාශ වල කැම්පේන් එක කරනවා.උන් දිනුවත් සබාවේ වාඩි වෙනකොට අපේ මතයට එකග වෙන්නෙ නැ.අලුත් පනතේ බහුතර මන්ත්‍රීවරුන් ගේ කැමැත්තෙන් සබාපති පත් කරන්න පුලුවන් .ඒ බලය සිරිසේන ට තියෙනවා .පාර්ලිමේන්තු වේ ජාතික ලැයිස්තුව ට කරපු දේ නැවත නොවෙයිද.ඔය සාකච්ඡා කරන සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තු මැතිවරණ යේදී සන්දානය හදන කොට ඔයාල බය වෙන්න එපා ජාතික ලැයිස්තුව මම නේ හදන්නේ කිව්වා අමතක ද.එහෙම කියපු සුසිල් ලේකම් කමෙන් අස්කරත් ආයේ නතර උනේ සිරිසේන ලග නේද..
04)ගමේ මහින්ද මහත්තයා වෙනුවෙන් මල ගෙදර මගුල් ගෙදර ආන්ඩුවේ උන් එක්ක රංඩු අල්ලන කෑ ගහන උන් මොරාල් එකෙන් හදපු ජනතා බල්වේගයක් මේ තියෙන්නේ .බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මහින්ද මහත්තයා ලගට එන්න පරක්කු උනත් කදුලු පෙරි පෙරි මහින්ද මහත්තයා පස්සේ ඇවිදිමින් හම්බෙන හැම සතේම මේ වෙනුවෙන් කැප කරපු උන් මේ කට විරුද්ධ ව කෑ ගහන්නේ..
05)උන් එක්ක සාකච්ඡා වෙදි අඩු ගානේ ඉල්ලුවද අලුත් පනතෙන් ජන්දෙ ඉල්ලන්න බැරි උන 500 විතර ගොවි සමුර්දි උන් ටිකට ජන්දෙ ඉල්ලන්න පුලුවන් වෙන්න නීතිය වෙනස් කරලා දෙන්න කියලා ..
06)සිරිසේන ගේ මේ ලැයිස්තුව ට රිංගෙව්වට කමක් නෑ පරන මනාප ක්‍රමේ ට මේක වෙනස් කරා නම්.එතකොට කන්ඩායම දිනනවා.සිරිසේන ගේ උන් පරදිනවා.ඒ ගම්වල ජන්දෙ වර්ජනය කරන උන් කාට හරි ජ්න්දෙ දෙනවා.
07)උඩ තියෙන ප්‍රශ්න නොතේරෙනවා නෙවෙයි.ඩීල් එකකින් ඔය හැම එකකටම උත්තර හමුවේව්ද.ප්‍රාදේශීය සබා ජන්දේ එකතු වෙලා ගැටලු ටික තව ටික කලක් පස්සට දලා මුහුන නොදී පැනලා යන්න පුලුවන් ද.ඔලු ගෙඩි මාරුවකින් ආන්ඩුව පෙල්ලන්න පුලුවන් ද.මී ලග ජාතික මැතිවරණය තව අවුරුදු එකහමාරෙන් එනවා.ඒකට මුහුනදෙන්න ගම සංවිධානය කරනවද නැත්නම් සිරිසේන ව මේක අස්සට අරගෙන කෙලවගන්න වද..
08)පුද්ගලික ව සිරිසේන මට කල වරදක් නැත.නමුත් ඔහුට මා වයිර කරන්නේ මහින්ද ජනපතිතුමන් ට කල දේ නිසාවෙනි .ගමේ මිනිස්සු ගොඩක් දෙනා මේ ආන්ඩුවේ සෑම අසාර්ථක බාවයට කලකිරුනු මිනිසුන් ට වඩා සිරිසේන ට වයිර කරන මිනිස්සු වැඩිය.මහින්ද සුලග 2015 පෙබරවාරි යේම හැදෙන්නේ ඒ නිසාය.මී ලග ජනාධිපතිවරනයට හෝ මහ මැතිවරණ යට මේ ජනතා බලය ගොඩනගනවා විනා ගමේ ඉන්න මහින්ද මහත්තයා ට ආදරේ කරන මිනිස්සු න්ගේ හිතේ තියෙන සිරිසේන විරෝධය අපි ආපසු හරවන්නේ ඇයි.
09)ඉදිරිපත් කරන හැම කොන්දේසියටම කැමති වෙන සිරිසේන කල්ලිය ට අවසන් ඉල්ලිම ලෙස ඇමති කම් ඇතහැර විපක්ෂයේ වාඩි වෙනවා නම්.පක්ෂයේ සබාපති කම බාරදෙනවා නම් එකතුවීම මිනිස්සුන්ට හිත හදා ගන්න ට කරන උපකාර යකි.විපක්ෂ නායක කම අගමැති කම ජනතාව ට අවශ්‍ය නැත.
10)සිරිසේන කිව්වේ ද මහින්ද ජනපතිතුමන් සමග රෙද්ද ක ඇදන් යන්න බෑ කියලා .හවුල් වෙනවා නම් අපිටත් කියලා දෙන්න රෙද්ද ක් ඇදන් මුන් එක්ක කැම්පේන් එක කරන විදිය..
11)අවසන් වශයෙන් මොන දේ උනත් මහින්ද මහත්තයා ඇතෑරල යන්නේ නෑ.ඒත් හැමෝම එහෙම හිතන්නේ නෑ.ස්වෙච්ඡා වෙන් ජීවිතේ ම මේකට කැපකරපු හම්බකරන හැම සතේම මේකට වියදම් කරපු මහින්ද මහත්තයා තවම ඇස දෙකෙන් සජීවී ව නොදැකපු මිනිස්සු මහගොඩක් හිත රිද්දගෙන පැත්තකට වේවි.මොකද ඒ මිනිස්සු මහින්ද මහත්තයා ට ආදරේ උනාට ආන්ඩුව කින් අබ මල් රේනුවක ලාබයක් උවමනා නැති මිනිස්සු .මම තාමත් පිස්සෙක් වගේ ඒ රත්තරං මනුස්සයට ආදරේ කරනවා.බෙදිලා ඉල්ලුවාම කොටසක් අපි දිනාවි.කොටසක් පරදීවි.අපි සේරම දිනුවත් මේ ආන්ඩුව අවුරුදු දෙක යන්න කලින් නවත්තන්න සිරිසේන එකග වේවිද .ලොකු ප්‍රශ්නයක අපි හිරවෙලා කියලා තේරෙනවා .හොදට හිතලා කල්පනාවෙන් තීරණය ගන්න .
ජයවේවා ..
අප්පච්චිගේ ගාලුපුතා

Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12348349
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12371441
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9851234
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9756131
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9577786
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'