Logo

ඇවන්ගාඩ් හිමිකරු රාජිත පා ච සිරිසේනට දිගට හරහට නෙලයි



ගත වූ කාලයේදී මෙරට මහත් ආන්දෝලනයකට ලක් වූ ඇවන්ගාඩ් මුහුදු ආරක්‍ෂණ සේවයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඊයේ පැවති දෙරණ 360 වැඩසටහන සදහා සහභාගී විය.

ශ‍්‍රී ලංකාවට ඉතා විශාල වශයෙන් විදේශ විනිමය ගෙන දුන් සහ විශ්‍රාමික රණවිරුවන්ට රැකියා හයදහසක් පමණ සැපයූ අති සාර්ථක ව්‍යාපාරයක් වූ ඇවන්ගාඩ් මුහුදු ආරක්‍ෂන සේවය වත්මන් රාජය බලයට පැමිණි පසු දේශපාලනඥයින් දෙදෙනෙකුගේ උවමනාවට කඩා බිඳ දැමු ආකාරයද ඉන් රණවිරුවන් 6000 කට පමණ රැකියා අහිමිවූ බවත් සේනාධිපති මහතා ලිපි ලෙඛණ සහිතව පෙන්වා දෙන ලදී.

හම්බන්තොට වරාය හා මතතල ගුවන් තොටුපල ඩොලර් බිලියන දෙකකට අඩු මුදලකට විකුණා දැමීමට නතර කර තමන්ගේ සාධාරණ ව්‍යාපාරය නැවත ආරම්භ කරන්නට ඉඩ දෙන්නේ නම් වසර තුනක කාලයක් තුල ඩොලර් බිලියන තුනක විදේශ විනිමයක් මෙරටට උපයා දීමට තමන් සූදානම් බවත් ඒ සදහා තමනට සත පහක හෝ උපකාරයක් අවශ්‍ය නොවන බවත් ඔහු ආණ්ඩුවට අභියෝග කරමින් කියා සිටියේය.

එවන් මුදලක් වසර තුනකින් රටට එන්නේ නම් අනාගත පරපුරට අයත් දෙපල විකිණා දැමීව වන් හිඟන වැඩ කරන්න උවමනාවක් නොවනු ඇතැයිද ඔහු කියා සිටියේය.

තම ව්‍යාපාරයත් එහි තීනිමය පදනමත් ගැන ඔ්නෑම අවස්ථාවක ඇමති රාජිත සේනාරත්න හා චම්පික රණවක සමග සජීවී විවාදයකට සූදානම් බවත් ඒ සදහා සහභාගී වන ලෙස අභියෝග කරන බවත් ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගෙන් වෙළධ නෞකා ආරක්‍ෂා කර දීම සදහා පසුගිය රජය සමගේ ආරම්භ කරනු ලැබූ ඇවන්ගාඩ් මුහුදු ආරක්‍ෂන සේවය ලොව සියළු නෞකා සමාගම් අතර ජනප‍්‍රියතම මුහුදු ආරක්‍ෂන සේවාව විය.

නව ආණ්ඩුව යටතේ එය රජයට පවරාගෙන නාවුක හමුදාව විසින් ව්‍යාපාර කටයුතු කරගෙන යමින් සිටී.



Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 182117
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 185080
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 186342
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 226379

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 339426
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15172634
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15030208
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12514146
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12461061
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12307369
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'