Logo

ඉන්දියානු පෙකණිය ගලවන තෙක් හෙළයා හෙළුවෙන්



ඉතිහාසයක් නැති උන් ඉතිහාසයට අකමැති වෙනවා සේම පෞර්ෂයක් නැති එකා පෞර්ෂත්වය ඇති අයට බියක් දක්වති.ඒ බිය විසින් ඇති කරනු ලබන හීනමානය විසින් සත්‍ය අවබෝධ කර ගැනීමට ඇති අවස්ථාව යටපත්වී හීනමානය පෙරට පැමිණේ.
බෞද්ධයෝ ලොව එක් එක් රටවල එක් එක් ආකාරයට වෙසෙති. එහි ඒකමිතියක් නැත. නමුදු ලාංකීය බෞද්ධයා යනු හුදු බෞද්ධ කම පමණක් උරුම ඕපපාතිකයින් හෝ කොත්තු රොටී ජාතියක් නොවේ. ඒ වසර ලක්ශයකට වඩා පදනම්ක් සහිත අති විශිෂ්ඨ මානව ශිෂ්ඨාචාරයකට උරුමකම් කියන යක්ශ,නාග,දේව ආදී ගෝත්‍ර කිහිපයකින් සැදුම් ලත් හෙළයන් බෞද්ධයන් වීමෙන් සැදුනු පිරිසක් වීමයි.
ඒ නිසාම ලොව වෙන කොතනක සිටින බෞද්ධයන්ට වඩා සිංහළ බෞද්ධයා වෙනස් ස්වරූපයක් ගනී. බංග්ලාදේශයේදී හෝ ඇෆ්ගනිස්ථානයේ බෞද්ධයන් ආක්‍රමණික සතුරා ඉදිරියේ පැරදී විනාශවී ගියද ලාංකීය බෞද්ධයා එසේ නොවීය.ලොව විශාලතම අධිරාජ්‍යයක්වූ හිරු නොබසින අධිරාජයාට පවා යුද්ධයකින් යටත් කර ගැනීමට නොහැකි තරම් ප්‍රභල වූයේ ඒ විශිෂ්ඨ රණකාමී හෙළයාගේ බල මහිමයෙන්ය.
යුධ,ගුවන්,නාවික බලයකින් හෙබි ලොව භයානතම ත්‍රස්ථවාදී සංවිධානය වසර දෙකහමාරකින් සුන්නත් දූලි කරවන්නට සමත් වූයේද ඒ හෙළයාගේ බල මහිමයෙන්ය.ඒ හෙළයා සතු සුවිශේශීත්වයේ රහස නිසාය.ලොව රටක් අයිති, ප්‍රමාණයෙන් කුඩාම ජාතියක් උවද දූපතක් වී තිබියදී පවා තමන්ටම කියා රටක් වසර දහස් ගණනාවක් රැකගෙන එන්නේද ඒ සුවිශේෂී ගුණය නිසාය.
නමුදු අද සිටින ඕල්කට් බෞද්ධයන් බොහෝ දෙනෙක් තමා කවුද කියාවත් නොදැන මූළධර්මවාදී ප්‍රදර්ශණාත්මක බෞද්ධයන් පිරිසක් ලෙස හැසිරෙනු පෙනේ. ඔවුන්ට තම ජාතියේ සුවිශේෂ ලක්ශණ ගැන තැකීමක් නැත. ලාංකීය සිංහළ බෞද්ධයා යනු නිරන්තරෙන් අනියත බියකින් පෙළෙන හීනමාන කාරයෙක් නොවන බව ඔවුනට වැටහීමක් නැත. තල් අත්තට බොරළු වැටුනු විට කැලේ කඩාගෙන දුවන හාවෙකු බවට පත්වී ඇත්තේ මන්දැයි වටහා ගැනීම අසීරුය. බෞද්ධ වූයේ සිංහළයාය. ඒ නිසාම ලංකාවේ ජීවත් වනුයේ ඉන්දියානු හෝ බංගලි බෞද්ධයා නොවේ. රාවණා පරපුරේ යක්ශ නාග ආදී විශිෂ්ඨ ජාතියක් බෞද්ධ වූ නිසා සිංහළයාගේ විශිෂ්ඨත්වය එයින් වියැකී යන්නේ නැත. බෞද්ධයෙකු වීම නිසා ඒ විශිෂ්ඨත්වය වැඩි වූවා මිස නිවටයෙකු හෝ නිරන්තරයෙන් බියෙන් ජීවත් වන සාවකුගේ තත්වයට පත්වීම ජාතිය කරන අපහාසයකි.
දෙමළ බෙදුම්වාදයට දුවන්නට දුන්න අපට තැන තැන රඟන මුස්ලිම් අන්තවාදය එතරම් ගැටළුවක් නොවේ. එය රෙද්ද කඩාගෙන රට දෙවනත් වෙන්නට නටන්නට අවශ්‍ය කරුණක් වන්නේ මන්දැයි මට ඇති ගැටළුවයි. නමුත් අප තේරුම් ගත යුතු සත්‍ය නම් සාමාන්ය දෙමළ ජනතාව සමඟ හෝ සාමාන්ය මුස්ලිම් ජනතාව සමඟ අපට කිසිදු ගැටළුවක් නැත.ඒ අයගේ නිදහස ආරක්ශාවද අප සතු වගකීමකි.ජාතියක විශිෂ්ඨත්වය පෙනෙන්නේ ඒ රටේ ජීවත්වන අන්‍ය ජාතිකයන්ට,කාන්තවන්ට හා ළමුන්ට සුරක්ශිත බව දැනෙන ප්‍රමාණය අනුවය.
ඊණියා සේනාවල් අටවාගෙන සිටින පුබ්බරුවන් හෑල්ලුවට ලක් කරමින් සිටින්නේ එවන් විශිෂ්ඨ ජාතියක අභිමානයයි.ඒ නිසාම නුඹලා කියන ජාතියේ බෞද්ධයෙකු වන්නට මා සූදානම් නැත. මා සිංහළ බෞද්ධයෙකු මිස ලොව වෙන කොහේ හරි සිටින බෞද්ධ පත පොත වන පොත් කරන ලද බෞද්ධයෙකු නොවේ. මා බෞද්ධ සිංහලයෙකු නොව සිංහළ බෞද්ධයෙකුම වන්නේය. ඒ නිසා මාගේ ජාතිය රැකීම එනම් ඒ ජාතියේ වසර ලක්ශ ගණනක උරුමය මේ මව්බිම දිවිහිමියෙන් රැකීම ප්‍රථම වගකීම වන්නේය. මේ මව් බිම නොමැතිනම් සිංහල බෞද්ධයෙකු නොමැත. තොපි මේ විනාශ කරමින් සිටින්නේ සිංහල බෞද්ධයාය. ඕල්කට් බෞද්ධයෝ බොහෝමයකට සිංහළය රැක ගැනීමට උවමනා නැත. මේ ඔළු දෙකේ බූරුවන්ට නොතේරෙන සත්‍ය නම් සිංහලයා රැකීමට රට රැකගනීම අනිවාර්‍යයක් වන බව නොවේද? රට නැතිනම් සිංහළයා නැති අතර සිංහළ බෞද්ධයන්ද නැත. 
ඊණියා බල සේනාව පිටුපස යන බොහෝ නිවට ඕල්කට් බෞද්ධයන්ට තම අනන්‍යතාවවත් පෙන්වීමට තරම් 
කොන්ඳක් නැත. උන් සැඟවී සිට මෙලෝ හසරක් නොදන්නා සුහුඹුල් තරුණයන්ට වස කවා උන්ගේ කුපාඩි දේශපාලන කොන්ත්‍රාත් වෙනුවෙන් බිළිදෙමින් සිටිනු පෙනේ. මුහුණක් නැති නිවටයිනි...තොපි මේ විනාශ කරමින් ඉන්නේ වසර දස දහස් ගණනක අභිමානවත් ජාතියක වටිනාකම් සහ අද්විතීය සංස්කෘතික හර පද්දතීන් සමූහයකි.
ප්‍රශ්ණයක් විසඳීමට තෝරාගත යුතු මග ඉගෙන ගැනීමට අවැසි නම් ඊනියා බල සේනාවේ ගොබ්බයින්ට ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයෙන් උගත හැකිය. ඔවුන් සයිටම් සටන යොමු කර ඇත්තේ ආණ්ඩුව දෙසටය. විසඳුම ඉල්ලන්නේ ආණ්ඩුවෙනි. එසේ නොමැතිව ඔවුනට ලෙහෙසියෙන්ම මාලඹේ සයිටම් පරිශ්‍රයට කඩා වැදී සයිටම් එක සමතලා කර දැමීමට ඕනෑ තරම් හැකියාව ඇත. සයිටම් ඉගෙන ගන්නා ලමුනට පහරදී සයිටමය ගිනිතබා වැනසා දැමීම කල හැකියි. නමුත් ඔවුන් එසේ කරන්නේ නැත. මන්ද ඔවුන් ගැටළුව විසඳා ගැනීමට නම් ඉදිරිපත් කල යුත්තේ කාටදැයි දනී. නමුත් මේ ඊණියා බල සේනාවේ තක්කඩියන් කරමින් සිටින්නේ කුමක්ද? අප විසින් බදු ගෙවමින් නඩත්තු කරන අති විශාල ආරක්ශක හමුදාවක්,උසාවි පද්ධතියක්,නිළධාරී සමූහයක් හා පාලකයින් රොත්තක් සිටිද්දී උන්ගේ බොටුවෙන් අල්වා ඒ අන්තවාදීන්ගේ ක්‍රියා කලාපය නැවතීමට බල කරනවා වෙනුවට ප්‍රෞඩ ජාතියක අභිමානය කෙලසමින් සිංහළ බෞද්ධයා ත්‍රස්ථවාදී ම්ලේච්ඡයකුගේ තත්වයට ඇද දැමීම නොවේද? එසේ කිරීමට අවශ්‍යවී ඇත්තේ කාටද? ඒවායින් වාසි ලබන්නෝ කවරහුද? 
ඒ අන් කවරෙකුවත් නොව රට කැබැලි වලට කඩා ගිල ගන්නට මාන බලමින් සිටින දෙමළ බෙදුම්වාදයට හා රට සූරකන්නට රට අස්ථාවර කිරීමට මාන බලමින් ඉන්නා අධිරාජ්යවාදී නඩයටය.පසු ගිය මුළු ඉතිහාසය පුරාම අප පැරැදුනු සෑම අවස්ථාවකම එය සිදු වූයේ රට ජාතිය පිළිබඳ නිවැරදි දැක්මක් රහිත් ළදරු වලිප්පු කාර පොල් බූරුවන් පිරිසක් නිසා හෝ අවස්ථාවාදී අධමයන්ගේ පාවාදීම් නිසා බව රාවනා යුගයේදී මෙන්ම ඉංග්‍රීසීන්ට යටත් වීමට සිදුවූ අවස්ථාවද මොනවට පෙන්වා දේ.
_______________කැලුම් ජයසුමන_______________

Image may contain: 5 people, people smiling

 

Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12348337
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12371427
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9851232
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9756123
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9577786
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'