Logo

රටම හිනැස්සූ සිරිසේනගේ මැජික්



මොරගහකන්ද ජලාශය ඉදිකර තමනටද මැජික් පෙන්වීමට හැකි වූ බවත් ඒ පිලිබදව තමන් සතුටට පත් වන බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මොරගහකන්ද ජලාශයේ ඉදිකර ඇති බලාගාරයේ විදුලිල ජනන යන්ත‍්‍ර පරීක්‍ෂා කිරීමට ආරම්භ කිරීමේ අවස්ථාව ජනාධිපතිවරයා අතින් අද දිනයේ සිදු වූ අතර එම අවස්ථාවට සහභාගී වූ ඔහු එසේ කියා සිටියේය.

 

‘මේ දර්ශණය දකින්නෙ කවදද කියල තමයි මගේ ඔළුවෙ තිබුනේ.

1994දී මං නියෝජ්‍ය ඇමතිවරයෙක් වෙලා ඉන්න කාලෙ අපි ගියා රන්දෙනිගල, රන්ටැඹේ බලන්න.

ඉන්ජිනියර් කියල තිබුන තව දවස් දෙක්ක යනකොට ස්පිල් කරනවා රන්දෙණිගල වික්ටෝරියා. ඒ හින්දා ඔක්කොම එකට යනවා කියල. මම හුගාක් වෙලා බලාගෙන හිටිය.

ඒ ඉවරවෙලා මාසෙකින් දෙකකින් මැතිවරණය තිබුණ.

මට හොදට මතකයි යූඑන්පී එකේ රැුස්වීමක් තිබුන පොලොන්නරුව ටවුන් එකේ.

ආර්.ඒ.ඞී. සිරිසේන කතාවක් පවත්වනවා. මං එහා පැත්තෙ ගෙදරක ඉදන් ගස්වීම අහනවා.

ඉතින් එදා කියනවා මෙයා නියෝජ්‍ය ඇමති වෙලා මෙයා මැජික් බලන්න ගියා. ගාමිණි දිසානායකලා අපි එකතුවෙලා කරපු මහවැලිය වික්ටෝරියා, රන්දෙණිගල මෙයා බලාගෙන හිටියා. එයාට ඒක මැජික් එකක්.

ඉතිං මං සතුටු වෙන්නෙ ඒ මැජික් එක මටත් පෙන්වන්න පුළුවන් වුණා’ යයි ජනාධිපතිවරයා මොරගහකන්ද ජලාශයේ වේල්ල මතදී කියා සිටියේය.

 

2007 වසරේදී ආරම්භ කරන ලද මොරගහකන්ද ජලාශයේ වැඩ කටයුතු මේ වන විට 90%ක් පඹණ අවසන් වී ඇත.

 



Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12348349
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12371441
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9851234
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9756131
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9577786
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'