Logo

විමල්ගේ පක්ෂය යළිත් දෙකඩ වෙයි-නියෝජ්‍ය නායකයාත් මෛත්‍රීගේ ඔඩොක්කුවට!



ජාතික නිදහස් පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වුවහොත් රටට ජයග්‍රහණය අත්කරදීමට හැකියාව තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පැවසීය.

අනිවාර්යයෙන්ම එම එකතුවීම සිදුවිය යුතුය යන ස්ථාවරය අවශ්‍ය තැන්වලදී තමන් ප්‍රකාශ කළ බවදමන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ මතය ඊට වෙනස් බවත්, එක් එක් පුද්ගලයාගේ දේශපාලනය ස්ථාවරය අනුව විවිධ මත දැරීමේ අයිතිය තිබෙන බවද දිසානායක මහතා ප්‍රකාශ කළේය.

 

මේ අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂයට නොව රටට ජයග්‍රහණ අත්පත් කරදීම ගැන සිතිය යුතු බවත්,රටට ජයග්‍රහණ අත්පත්කර දීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වීම අවශ්‍ය බවද හෙතෙම පවසා සිටියේය.

බෙදීම හා අඩුකිරීම දේශපාලනයට අදාළ ලකුණු දෙකක් නොවන බවත්,එකතුකිරීම හා වැඩිකිරීම දේශපාලනයට අදාළ ලකුණු දෙක බව පැවසූ දිසානායක මහතා එම සරල කරුණු ඕනෑම අයෙකුට වැටහෙන බවද පෙන්වා දුන්නේය.

රටට ජයග්‍රහණ අත්පත්කර දිය හැකි මාර්ගය කුමක්දැයි සියලු දෙනා ගැඹුරින් සිතිය යුතු බවද මන්ත්‍රීවරයා පැවසීය.

ඒසම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ වීරකුමාර දිසානායක මහතා,

“පක්ෂයක් කියන්නෙ මිනිස්සුන්ගේ එකතුවක්.එම පක්ෂයක් ඇතුළෙ ප්‍රශ්න ඇතිවීම සාමාන්‍ය දෙයක්.දේශපාලන පක්ෂවලය හැම අවස්ථාවකදීම අභියෝග තිබෙනවා.එකතුවෙලා සිටියදී විවිධ මතවාද,ප්‍රශ්න ඇතිවෙනවා.අපේ පක්ෂය ඇතුළෙත් විවිධ මතවාදී අරගල විවිධ අවස්ථාවලදී පැනනගිනවා.ඒවා ඉතා බුද්ධිමත්ව සමනය කරගැනීම තමයි අපේ වගකීම විය යුත්තේ.අපේ පක්ෂයේ තීන්දු තීරණ ගන්නේ එකතුවෙලා තමයි.නමුත් විවිධ මත ඉදිරිපත්වන අවස්ථා තිබෙනවා.විවිධ මත දරන අය ඉන්නවා, මත තියෙන අය ඉන්නවා* යැයි පවසා සිටියේය.

මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීමල් වීරවංශ මහතාට හිතවත් පිරිස ආණ්ඩුව සමග එක්නොවිය යුතු බවට දරන ස්ථාවරය දරන බවත්,මේ වනවිට රටේ සම්පත් විකුණමින් ගෙනයන ජනතා ද්‍රෝහී වැඩපිළිවෙළ සමග තම පක්ෂයට එක්විය නොහැකි බවද එම පක්ෂයේ ප්‍රකාශයෙක් පැවසීය.

 

පසුගිය කාලය පුරා වත්මන් ආණ්ඩුව ජනතා ඉල්ලීම් නොසලකා හරිමින් බටහිර ගැති ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවත්, එක්සත් ජාතික පක්ෂයේ උවමනාවට දියත්වන එම වැඩපිළිවෙළ සාධාරණීකරණය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්විය නොහැකි බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවක ජාතික නිදහස් පෙරමුණේ ඡන්ද පදනම කඩාබිඳ දැමීම සඳහා ආණ්ඩුව හා ඇතැම් පුද්ගලයන් මුදල් වැයකරමින් සිටින බවත්,පක්ෂයෙන් ඉවත්වී යෑමට අවශ්‍ය අයෙකු සිටීනම් ඕනෑම අවස්ථාවක ඉවත්වී යෑමට අවස්ථාව තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.

– ADA

 

 

Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12339494
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12363621
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9838562
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9743921
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9570774
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'