Logo

ක්‍රිකට් පාලක මණ්ඩලයට ඇමතිගෙන් අවසන් රතු එළිය



ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ මතුව ඇති ගැටළු විසඳා ගැනීමට නොහැකි වුවහොත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හෝ ඊට අදාළ පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

 

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද කැබිණට් තීරණ දැනුම් දීමේ මාධ්‍යහමුවට එක් වෙමින්.

 

ක්‍රිකට් පාලනය සඳහා අතුරු පාලක මණ්ඩලය අවුරුදු 8 ක් තිබූ බවත්, ඒ අවුරුදු 8 ඇතුලත ක්‍රිකට් ක්‍රීඩාවේ විශාල කඩා වැටීමක් තීබූ බවත්, සියලු දෙනාම ක්‍රීඩා සමාජවලට නතු වී සිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 

ක්‍රිකට් ක්‍රීඩාවේ වැටීමක් සිදු වන්නේ නම් ක්‍රීඩා සමාජවලට ඇහුකම්දීමට තමන් සූදානම් නොමැති බවත්, ක්‍රීඩා සමාජවලට තිබෙන ඡන්ද අයිතිය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත යොමු කර කිසිඳු දෙයක් කිරීමට නොදෙන්නේ මෙම ක්‍රීඩා සමාජ බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

 

කවරෙකු සභාපති වුවද අමාත්‍යවරයා ලෙස තමන්ට මෙය කිරීමට නොහැකි වුවහොත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවාහරින බවත් අමාත්‍යවරයා පැවසීය.

 

Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12348337
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12371427
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9851232
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9756122
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9577786
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'