Logo

සිරිසේනගේ හංසයා පුපුරයි !




ජාත්‍යන්තර බැංකු හොරෙකු ලෙස පතළ බ්‍රිතාන්‍ය පුරවැසියෙකු ද වූ පුද්ගලයෙකු සභාපතිත්වය දරන සිරිසේනගේ හංස සංධාන ලකුණින් තරඟ කළ සියළු පක්‍ෂ මේ වන විට වෙන වෙන ම තරඟ කිරීම සඳහා සූදානමින් වෙමින් සිටින බව පෙනී යනවා. දෙමළ පක්‍ෂ හා මුස්ලිම් පක්‍ෂ ද අදාළ සංධානයේ ප්‍රමුඛ පක්‍ෂ ද ඒ අතර වේ. විශේෂයෙන් ම දෙමළ ජාතික සංධානය හා ඇමති රිෂාඩ් බදියුදීන්ගේ සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය වෙනම මැතිවරණයට මුහුණ දෙනවා පමණක් නොව ඔවුන් බෂීන් සේගු මහතාගේ එක්සක් සාම සංධානය සමග එක්වී තරඟ කිරීමට ද තීරණය කොට තිබෙනවා. හිටපු මුස්ලිම් කොන්ග්‍රස් මහලේකම් හසන් අලි ද මීට එක්ව සිටිනවා. මේ අතර දෙමළ ජාතික සංධානය තුළ මතු ව ඇති අර්බුදය කොතරම් ද කිවහොත් එය හංසයාගෙන් තොරව තරඟ කරනවා පමණක් නොව, එම සංධානය තුනට බෙදී කොටස් තුනක් ලෙස තරඟ කිරීමට ද මේ වන විට සූදානම් වන බව වාර්තා වෙනවා. මේ අතර, හංස සංධානයයේ මිළඟ විශාල පිපුරුම වන්නේ ජනපති සිරිසේනගේ ශ්‍රිලනිපය ද මෙවර වෙනම මැතිවරණයට යාමයි. මේ අතර, ජවිපය ද මෙවර හංස සංධානයට අනියමින් හෝ සහාය දෙන්නේ නැත. මේ සියල්ලෙහි ම අර්ථය වන්නේ ඒ පැරණි ලක්‍ෂ 62 හංස සංධානය සීසීකඩ විසිරී ගොස් ඇති බවයි. බලවේගයක් ලෙස එකට සිටින එකම පක්‍ෂය හෝ සංධානය පොහොට්ටුව ලකුණ කරගත් ලක්‍ෂ 58 පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය වන අතර එහි පදනම පසුගියා කාලයේ සීඝ්‍රයෙන් වැඩි වූවා මිස කිසිදු අයුරකින් අඩුවූයේ නැත.

පසුගිය මැතිවරණ ප්‍රතිඵල ඉතිහාසය දෙස බලන විට එක්සත් ජාතික පක්‍ෂය පසුගිය කාලයේ තනිව තරඟ වැද කිසිදු ජයග්‍රහණයක් ලබා නැති අතර ඔවුන් මැතිවරණ 29කින් ම පරාජය වූ පක්‍ෂයකි. ඔවුන් මෙවර පරාජයට ඇවැසි පසුබිම තනා ගත්තේ ශ්‍රී ලංකා මහබැංකුව මහදවල් කොල්ල කෑම හරහා සහ පක්‍ෂයේ නාස්තිය හා ආර්ථික කළමනාකරන දුබලතා නිසා රට තුළ සීඝ්‍ර කඩාවැටීමක් පෙන්නුම් කළ නිසයි. දින 100න් අලුත් රටක් වෙනුවට ඔවුන් දුන්නේ දින 100ට හාල් 100යි හා පොල් ගෙඩියක් 100යි වැනි සෝපහාස පොරොන්දු ඉටු කිරීම්ය. සමාජයේ මධ්‍යම හා පහළ ස්ථර මේ අනුව ආණ්ඩුව කෙරෙහි දැඩි ලෙස කෝපාවිෂ්ඨ වී තිබේ. එවැනි පසුබිමක මෙවර පොහොට්ටුවට කිසිදු අභියෝගයකින් තොරව ජයග්‍රහණය කළ හැකි පළාත් පාලන ආයතන සංඛ්‍යාව 200 ඉක්මවනු ඇත.

මහින්ද පතිරණ

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 12874449
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12818126
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 10288717
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 10191146
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 10013298
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'