Logo

අගමැති බැඳුම්කරයෙන් බේරන්න ජාත්‍යන්තර සහාය



බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වුවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බෙඳුම්වාදී ව්‍යවස්ථාව සම්මත කර ගැනීම වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලක ජාත්‍යන්තරය නිරතව සිටින බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.

 

අද(09) කොළඹ පැවති එළිය සංවිධානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය.

 

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රවී කරුණානායක හෝ අර්ජුන මහේන්ද්‍රන් සිරගත කිරීම තුළින් පමණක් ප්‍රමාණවත් නොවන බව ද අභයතිස්ස හිමියන් පැවසීය.

 

රනිල් වික්‍රමසිංහ වැනි දූෂිත නායකයෙක් ආරක්ෂා කර ගැනීමට කෙසේ හෝ බැඳුම්කර වාර්තාවට හැකි වු බවත්, ඔහුව ආරක්ෂා කර ගැනීම තුළින් බෙඳුම්වාදී ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට උත්සහ ගන්නා බව ද උන්වහන්සේ කියා සිටියේය.


https://youtu.be/qfdWGzpfBJ8

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- නලින් ද සිල්වා
2014-06-18 17:22:53 - 13880992
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 13713922
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11290039
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11180063
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 10958452
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'