Logo

බැඳුම්කර වරද රවීට පැටවීමට උත්සාහ කල ජනාධිපති ගේ බොරු ප්‍රකාශය නිසා බැඳුම්කර වාර්තාව නිකුත් කිරීම ප්‍රමාද වෙන ලකුණු



රවී කරුණානායක අමාත්‍යවරයා සමඟ දැඩි වෛරයකින් පසුවන හිටපු එජාප පළාත්සභා මන්ත්‍රීවරයෙකු වන ජනාධිපති උපදේශකයෙකු විසින් අසත්‍ය කරුණු සහිත ජනාධිපති ප්‍රකාශයක් සකස්කිරීමත් රවි කරුණානායක විසින් එම වාර්තාව ඉල්ලා සිටීමත් නිසා ආණ්ඩුව දැඩි අර්බුදයකට ලක්වී ඇතැයි වාර්තා වෙයි.

රවී කරුණානායක යටතේ පුද්ගලික බැංකු හෝ මහ බැංකුව එම අවස්ථාවේ නොතිබුනු අතර මෙම වාර්තාවෙන් වරදකරුවන් වීමට ඉඩ ඇති රනිල්, කබීර් සහ මලික් යන ඇමතිවරු බේරා ගැනීමේ සහ රවී වරදකරු කිරීමේ අරමුණින් සකසන ලද මෙම වාර්තාව ජනාධිපතිවරයා විසින් කියවා ඇත. රවී කරුණානායක එජාපයේ මීලඟ නායකයා වේ යැයි මෙම උපදේශකවරයා දැඩි බියකින් පසුවන බවද වාර්තා වෙයි.

නමුත් රවී කරුණානායක මහතා විසින් මෙම වාර්තාව ඉල්ලා සිටීමත් සමඟ එම උපදේශකයා සහ ආණ්ඩුව කලබලයට පත්වී ඇති අතර එම වාර්තාවට සංශෝධන ඉදිරිපත් කිරීමට උත්සාහ කරන බව වාර්තා වෙයි.

ඊයේ මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලද්දේද මෙි නිසා බව තවදුරටත් වාර්තාවෙයි.

මේ අතර තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනාධිපතිවරයා වෙත ලබාදී ඇති බැඳුම්කර වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ලබාගැනීම සඳහා හිටපු අමාත්‍ය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා 2018-01-8 වන අද දින දහවල් 12ට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යෑමට නියමිතව ඇති බව ඔහුගේ මාධ්‍ය අංශය නිකුත් තල නිවේදනයත දැක්වෙයි.

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 99389
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 101238
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 103132
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 141990

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 229664
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14704496
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14544375
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12119536
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11990989
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11807313
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'