Logo

ශ්‍රිලංකාවට දැවන්ත පරාජයක් ලබාදෙමින් බංග්ලාදේශය වාර්තා පොත් අලුත් කරයි



බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද පැවති එක්දින ක්‍රිකට් තරඟයෙන් ලකුණු 163 ක විශිෂ්ට ජයක් ලැබීමට බංග්ලාදේශ ක්‍රිකට් පිල අද (19) සමත් විය.

 

පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිල සිය පන්දු ඕවර 50 අවසානයේ දී කඩුලු 7 ක් දැවී ලකුණු 320 ක් වාර්තා කළ අතර එය ශ්‍රී ලංකා පිලට එරෙහිව බංග්ලාදේශ පිලක් එක්දින තරඟයක දී ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් ද වාර්තා පොත් අතරට එක්විය.

 

බංග්ලාදේශ පිල වෙනුවෙන් තමීම් ඉක්බාල් (84), ෂකීබ් අල් හස්න (67) හා මුස්ෆිකර් රහීම් (62) අර්ධ ශතක රැස් කළෝය.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් තිසර පෙරේරා ලකුණු 60කට කඩුලු 3 ක් හා නුවන් ප්‍රදීප් ලකුණු 66 කට කඩුලු 2 ක් බිඳ හෙලන ලදී.

 

ලකුණු 321 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිලට පන්දුවාර 32.2 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 157 ක් පමණි. 

 

පන්දුවට පහර දීමේ දී තිසර පෙරේරා ලකුණු 29 ක් , නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 28 ක් හා උපුල් තරංග ලකුණු 25 ක් ලෙසින් වැඩිම ලකුණු වාර්තා කළ පිතිකරුවන් වූ අතර සෙසු එකදු පිතිකරුවකුට හෝ ලකුණු 20 සීමාව ඉක්මවා යාමට හැකිවූයේ නැත.

 

පන්දු යැවීමේ දී බංග්ලාදේශ පිල වෙනුවෙන් ෂකීබ් අල් හසන් කඩුලු 3ක්, මෂ්රෆී මොටොසා හා රුබේල් හුසේන් කඩුලු 2 බැගින් දවා ගත්තෝය.

 

බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ එක් දිත තරඟයක දී ඔවුන් වාර්තා කළ දැවැන්තම ජයග්‍රහණය මෙය වන අතර මීට පෙර වාර්තා වී තිබුණේ 2012 දෙසැම්බර් 02 දා පැවති එක්දින ක්‍රිකට් තරඟයේ දී, බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 160 කින් පරාජය කිරීමයි.

දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 1295
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 22576
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 288038
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 323643
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 584470
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15983609
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15868998
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13311430
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13256823
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13116862
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'