Logo

සිංගප්පූරු අගමැති දිවයිනට



සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෑන් ලූ (Lee Hsien Loong)මහතා ඇතුළු දූත පිරිස ලංකාවේ දින 03 ක සංචාරයක් සඳහා අද සවස  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

 

මෙම පිරිස සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 303 දරන ගුවන් යානයෙන් අද(22) දින 4.20 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇරයුම මත සිංගප්පූරු රාජ්‍ය නායකයෙකු වසර 13 කට පසුව ශ්‍රී ලංකාවට පැමිණීම විශේෂත්වයකි.

 

මෙම සිංගප්පූරු අග්‍රාමාත්‍යතුමා සමග දූත පිරිස 35 දෙනෙකු පැමිණ සිටින අතර , ඔවුන් 1/24 දින යළිත් ශ්‍රී ලංකා සංචාරය නිමා කර ආපසු යෑමට නියමිතය.

 

මෙම පිරිස පිළිගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ඉහළ පෙළේ ශ්‍රී ලංකා දූත පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

 

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 13306635
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 13200514
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 10647523
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 10548450
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 10372130
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'