Logo

කතරගම වෙඩි තැබීමට අණ සිරිසේනගෙන් -පොළිස්පති පිළිගනී



 


මැතිවරණ නීති කඩන අයගේ ඔලුවටම වෙඩි තැබීමට විධායකයේ අනුමැතිය ලැබුණ බවත් තමන් යටතේ සිටින නිලධාරීන් ක්‍රියාත්මක කරන්නේ එම නියෝගය බවත් පොලිස්පතිවරයා පවසයි. ඔහු ඒ බව පැවසූයේ පොලිස් අණ නොතකා යතුරුපැදියක් ධාවනය කළ පුද්ගලයෙකුට පොලිසියෙන් වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමිනි. ඔහු වැඩිදුරටත් පැවසූයේ මෙලෙසයි.

“කතරගමදී අවසනාවන්ත ලෙස පොලිස් අණ නොතකා යතුරු පැදියක් පැදවූ පුද්ගලයෙකුට පොලිසියෙන් වෙඩි වැදී මිය යාම සම්බන්ධයෙන් පළමුව මා කණගා‍ටුව ප්‍රකාශ කර සිටිනවා. ඔහු පොලිස් අණට කීකරු වී යතුරුපැදිය නැවතුවානම් එසේ වන්නේ නැහැ.

2015 ජනාධිපතිවරණයේදී එවකට මෙන්ම වර්තමානයේදීත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පොලිසියට පැවසුවා මැතිවරණ නීති කඩන අයගේ ඔලුවටම වෙඩි තබන ලෙසට. නමුත් එවකට විධායක ජනාධිපතිවරයාගෙන් ඊට අනුමැතිය නොලැබුණ නිසා එම නීතිය ක්‍රියාත්මක වුණේ නෑ. පසුගිය දිනෙක ආරක්ෂක මණ්ඩලය ‍රැස් වී එම කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකළ අතර එහිදී ආරක්ෂක මණ්ඩලයේ මෙන්ම විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙත් සම්පූර්ණ අනුමැතිය ලැබුණා මැතිවරණ නීති උල්ලංඝනය කරන අයට වෙඩි තැබීමට.

ඒ අනුව කතරගමදී පොලිස් අණ නොතකා යතුරුපැදියක් ධාවනය කළේ මැතිවරණ කාලයක් තුළදී යි. ඒ අනුව එය මැතිවරණ නීතිය කැඩීමක් ලෙස අර්ථ දැක්වීමට සම්පූර්ණයෙන්ම අවස්ථාව ලැබෙනවා. අදාල පොලිස් නිලධාරියා සිදුකළේ විධායක ජනාධිපතිවරයා විසින් දෙනු ලබන නියෝගය ක්‍රියාත්මක කිරීමයි. ඒ අනුව එම වෙඩි තැබීමේ කිසිදු වරදක් නෑ. එම පොලිස් නිලධාරියා සිදුකළ දේ සම්පූර්ණයෙන්ම නිවැරදි බව මැතිවරණ කොමසාරිස්වරයා පවා පිළිගනීවි. ඉදිරියටත් කවරෙක් හෝ පොලිස් අණ නොතකනවානම් ඔලුවටම වෙඩි තබන ලෙස මම සියලුම පොලිස් නිලධාරීන්ට දන්වා තිබෙනවා. අදාල පොලිස් නිලධාරියාවනිදොස් කොට නිදහස් කිරීම සම්බන්ධයෙන් මා පෙනී සිටිනවා”.

කතරගම විශේෂ වාර්තාකරු: සුරේන් ගමගේ

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 13306803
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 13200671
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 10647644
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 10548501
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 10372218
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'