Logo

උදයංග ගේන්න ගිය යහපාලන පොළීසියේ හුලං යයි



තමන් පසුගියදා ඇමරිකාව බලා ගමන් කරමින් සිටිවදී ඩුබායි ගුවන් තොටේදී එරට ඉන්ටර්පොල් පොලිසිය විසින් නතර කර පරික්ෂා කර බැලූ බවත් තමනට එරෙහිව ජාත්‍යන්තරව කිසි චෝදනාවක් නැති බව හා ඉන්ටර්පෝල් රතු වරෙන්තුවක් නැති බව සනාථ වීමෙන් පසු නිදහස් කළේ යයි රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග සදහන් කරයි.

මේ බව සදහන් කරමින් ඔහු විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

පසුගිය 04 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදය කරා ගමන් කරන අතර මග අරාබි එමීර් රාජ්‍යයේදී එරට ඉන්ටර්පොල් පොලිසිය විසින් නතර කර, පරික්ෂා කර, මා හට ජාත්‍යන්තරව කිසිදු චෝදනාවක් නොමැති බව හා ඉන්ටර්පෝල් රතු වරෙන්තුවක් නැති බව සනාථ වීමෙන් පසු නිදහස් කල බව කිව යුතුය.

එසේ නමුත් මෙම රජයෙන් මට සිදූවන දරුණු දේශපාලන පළිගැනීම් නිසා, දැනට ලංකාවට පැමිණීමට අදහසක් නැත. නමුත් ඔවුන් මට විරුද්ධව එල්ල කරන චෝදනා සියල්ල අමූලික බොරු බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරමි.

මට පුදුම රටේ උගතුන් බුද්ධිමතුන් යැයි කියන කොටස පවා අද රටේ නිදහස, නීතිය ඉදිරියේ සමානාත්මතාව, අධිකරණයේ ස්වාධීනත්වය වැනි ප්‍රජාතන්ත්‍රවාදී යහපාලන නියාමනයන් පවතීයැයි තවමත් සිතීමය.

මෙම පළාත් පාලන චන්දයට වාසී ලබා ගැනීමට රජය විසින් අන්තිම මොහොතේ මාව අත්අඩංගුවට ගැනීමට ගත් උත්සාහය මෙසේ අසාර්ථක විය.

එසේ නමුත් ලාංකික පොලීසියට එරෙහිව ජාත්‍යන්තරව වන්දි නඩුවක් පැවරීමට ඉතා සුදුසු අවස්ථාවක් මට උදාවීම ගැන සතුටු වන්නෙමි.

අසාර්ථක හිටං හුටං ආණ්ඩුවේ ආයුෂ 10 වෙනිදා ඔබගේ චන්දයෙන් අවසානය පටන් ගන්නවා බව නියතය.

අද රටෙහි භයානක පොලිස් රාජ්‍යයක් බිහිවෙමින් පවතින බව ඔප්පු කරන එක් අවස්ථාවක් වුවද, මෙම පොලිස් රාජ්‍යයේ බිහිවීම තුලින් රටට සිදූවන විනාශයට විරෝධය පෑමට පෙබරවාරි 10දා ලැබෙන අවස්ථාව උපයෝගී කර ගන්නා ලෙස ලංකික ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.

උදයාංග වීරතුංග
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 13298923
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 13194244
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 10641049
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 10541567
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 10365273
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'