Logo

කඩුවෙල බුද්ධදාස සදහටම පෙන්ෂන් යැවීමට විමල් සමත් වෙයි



කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල මහ නගර සභාවේ බලය තහවුරු කරගැනීමට ශ්‍රී  ලංකා පොදු ජන පෙරමුණ සමත්ව තිබේ.

 

ඔවුන් ඡන්ද 71,016ක් ලබාගනිමින් මන්ත්‍රී ආසන 26ක් හිමිකරගෙන ඇති අතර එක්සත් ජාතික පක්ෂය ඡන්ද 31,429ක් ලබාගනිමින් දෙවන ස්ථානයට පත්ව ඇත්තේ මන්ත්‍රී  ආසන 11ක් හිමිකරගනිමිනි.

 

ඡන්ද 15,549ක් ලබාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහ ඡන්ද 15,071ක් ලබාගත් ජනතා විමුක්ති පෙරමුණට කඩුවෙල මහ නගර සභාවේ ආසන 05  බැඟින් හිමිව තිබේ.

 

කොලොන්නාව නගර සභාවේ ඡන්ද ප්‍රතිඵලයට අනුව එක්සත් ජාතික පක්ෂය එහි බලය තහවුරු කරගෙන ඇත්තේ ඡන්ද 15,271ක් ලබාගනිමිනි.

 

ඒ අනුව ඔවුන්ට මන්ත්‍රී ආසන 11ක් හිමිව තිබේ.

 

දෙවන ස්ථානයට පත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 8486ක් ලබාගෙන ඇති අතර ඔවුන්ට මන්ත්‍රී ආසන 05ක් හිමිව තිබේ.

 

ඡන්ද 4781ක් ලබාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ආසන 03ක් සහ ඡන්ද 1806ක් ලබාගත් ජනතා විමුක්ති පෙරමුණට එක් මන්ත්‍රී ආසනයක් හිමි වුණි.

 

වත්තල - මාබෝල නගර සභාවද එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර තිබේ.

 

ඔවුන් ඡන්ද 8767ක් ලබාගෙන ඇති අතර ඒ අනුව ඔවුන් ට මන්ත්‍රී ආසන 10ක් හිමිව ඇති බව සඳහන්ය.

 

ඡන්ද 4389ක්  ලබාගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ආසන 05ක් , ඡන්ද 1302ක් ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 01ක් සහ ඡන්ද 683ක් ලබාගත් ජනතා විමුක්ති පෙරමුණට වත්තල - මාබෝල නගර සභාවේ එක් ආසනයක් හිමිව තිබේ.

 

 

 

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 149889
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 242650
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 292486
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 458436
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 1317607
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19043531
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18248170
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14434276
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14359612
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14252601
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'